Sunday, August 16, 2026
HomeNEWSරොකට් එකේ දාලා සල්ලි ටික යැව්වා ද දන්නෑ -අමාත්‍ය වසන්ත සමරසිංහ

රොකට් එකේ දාලා සල්ලි ටික යැව්වා ද දන්නෑ -අමාත්‍ය වසන්ත සමරසිංහ

ශ්‍රී ලංකාවට අයත් අභ්‍යවකාශ සීමාව රාජපක්ෂ ආණ්ඩු යුගයේ වෙනත් රටකට ලබා දී ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.එය සමාගමට පමණක් ලබා දී ඇති බවත් ඒ සඳහා කිසිදු ටෙන්ඩර් කැඳවීමක් සිදු කර නැති බවත් හෙතෙම චෝදනා කළේය.රෝහිත රාජපක්ෂ මහතා සම්බන්ධ වී 2012 වසරේ ගුවන්ගත කරන ලද චන්ද්‍රිකාව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජන හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.“අභ්‍යවකාශයට සැටලයිට් එකක් යවන්න රටක් විදිහට අපට අයිතියක් තියෙනවා. ඒකෙන් තමයි තොරතුරු බෙදා හැරීමේ සන්නිවේදන ක්‍රියාවලියට සහය වෙන්නේ. 2012 මැයි මාසේ මේ රොකට් එක යවලා තියෙනවා. කොම්පැනිය හදලා තියෙන්නේ මැයි මාසේ.අද ඇමරිකාවේ බෝයිං ප්ලේන් එකක් ඕඩර් කළොත් අපට ලැබෙන්නේ අවුරුදු 12කින්. මාස පහකින් මේ කම්පැනිය රොකට් එකක් යවනවා. රොකට් එකේ දාලා සල්ලි ටික යැව්වා ද දන්නෑ. එව්වා කියන්න බෑ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීමට ඇමති හඳුන්නෙත්ති මෙල්බර් නුවරදිි සාකච්ඡා අරඹයි

ඕස්ට්‍රේලියානු ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් රැසක් ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා සූදානම් වේ: අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමඟ විශේෂ සාකච්ඡා වටයක් මෙල්බර්න් නුවරදී සාර්ථකව...

ආබාධිත රණවිරුවන් කොටස් දෙකකට වෙන් කිරීම මානව හිමිකම් උල්ලංඝනණය කිරීමක්- විපක්ෂ නායක සජිත්

රට දැය බේරා ගැනීම උදෙසා ඇස්හිස් මස් ලේ තම ශරීර අවයව මෙන්ම ජීවිත පූජා කළ අප රටේ වීරෝධාර රණවිරු ප්‍රජාව අප රටේ භෞමික අඛණ්ඩතාව,...

අගුලානට ආසන්න මුහුදේ දී ඩෝරා යාත්‍රාවක් අනතුරකට ලක්වෙයි

අඟුලානට ආසන්න මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා ඩෝරා යාත්‍රාවක් අනතුරට ලක් වෙයි. 11 ක් මුදා ගැනේ. මෙහෙයුම් සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානයකුත් එක්වෙයි: නාවික හමුදාව.

ශිරාන් බාසික්ට පැය 72ක රැදවුම් නියෝග

ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන "ශිරාන් බාසික්" නැමත්තාට පැය 72 ක රැදවුම් නියෝග: පොලිසිය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img