Sunday, October 25, 2026
HomeNEWSරෝගීන්ට උපරිම සේවාවක් සැලසීම රජයේ ප්‍රධාන අරමුණයි - සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය...

රෝගීන්ට උපරිම සේවාවක් සැලසීම රජයේ ප්‍රධාන අරමුණයි – සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට රුපියල් මිලියන 177ක අති නවීන CT ස්කෑන් යන්ත්‍රයක් සහ නවීකරණය කළ අක්ෂි සායන ගොඩනැගිල්ල ජනතා අයිතියට.

“සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නංවමින් රෝගී ජනතාවට ප්‍රාදේශීය මට්ටමින්ම උපරිම සේවාවක් සැලසීම රජයේ ප්‍රධාන අරමුණයි” – සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත පැමිණෙන රෝගීන් සඳහා වඩාත් කඩිනම්, නිරවද්‍ය හා ගුණාත්මක රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවාවන් තහවුරු කිරීමේ අරමුණින්, ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 177ක පිරිවැයක් දරමින් ස්ථාපිත කරන ලද අති නවීන CT ස්කෑන් යන්ත්‍රය නිල වශයෙන් රෝහල් ප්‍රතිකාර සේවාවට එක් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ සිදු කෙරිණි.

මීගමුව සහ ඒ අවට ප්‍රදේශ රැසකින් දෛනිකව විශාල රෝගීන් සංඛ්‍යාවක් පැමිණෙන මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ රෝග විනිශ්චය සේවා ශක්තිමත් කිරීම සඳහා මෙම නවීන CT ස්කෑන් යන්ත්‍රය මගින් සුවිශේෂී දායකත්වයක් ලැබෙන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙතෙක් මෙම පරීක්ෂණ සේවා සඳහා රෝගීන් රාගම ශික්ෂණ රෝහල සහ වැලිසර රෝහල වෙත යොමු කිරීමට සිදුව තිබූ අතර, නව යන්ත්‍රය ස්ථාපිත කිරීමත් සමඟ එම පහසුකම මීගමුව රෝහල තුළදීම ලබා ගැනීමට හැකියාව ලැබෙන බවත්, එමගින් රෝගීන්ට ගතවන කාලය මෙන්ම ප්‍රවාහන වියදම්ද සැලකිය යුතු ලෙස අවම වන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

මීට අමතරව, රුපියල් ලක්ෂ 290ක පිරිවැයක් දරමින් පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කර නවීන පහසුකම් සහිතව නව්‍යකරණය කරන ලද මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සායන ගොඩනැගිල්ලද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ප්‍රතිකාර සේවා සඳහා විවෘත කෙරිණි. දීර්ඝ කාලයක් අබලන් තත්ත්වයේ පැවති මෙම ගොඩනැගිල්ල ගරු ඩැරැල් කූඤ්ඤ පියතුමාගේ මූලික මැදිහත්වීම මත දානපතීන්ගේ හා පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කර තිබේ.

එමෙන්ම, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය මගින් රුපියල් මිලියන 10ක මූල්‍ය ප්‍රතිපාදන වැය කර රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද ව්‍යායාම මධ්‍යස්ථානයද (Gym) අමාත්‍යවරයාගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය. කාර්යබහුල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ශාරීරික යෝග්‍යතාව හා සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීමට මෙම පහසුකම ඉවහල් වනු ඇත.

අනතුරුව රෝහල් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අමාත්‍යවරයා, රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම ප්‍රතිකාර ලබාගැනීමට පැමිණ සිටි රෝගීන් සමඟද සුහදව අදහස් හුවමාරු කරගනිමින් ඔවුන්ගේ ගැටලු සහ අවශ්‍යතා පිළිබඳව සොයා බලන ලදී.

මෙම අවස්ථාව සඳහා ගරු ඩැරැල් කූඤ්ඤ පියතුමා, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, මීගමුව නගරාධිපති දුලීප් චාමර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ. පී. යෝගචන්ද්‍ර, මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂිකා පුෂ්පා ගම්ලත්ගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ චමින්ද කුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් පිරිසක් එක්ව සිටියහ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය
මාධ්‍ය අංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය...

සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා- පූජ්‍ය උලපනේ සුමංගල හිමි

රජය සමඟ සාකච්ඡා කර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ නිදහස ලබා ගැනීමට පියවර ගන්නා බව ත්‍රෛනිකායික මහානායක හිමිවරු ලිඛිතව දැනුම් දී ඇති බැවින්,පසුගිය දින 10ක...

ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙලූ බව ඉරානය කියයි

ඉරාන ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් දකුණු දිග වරාය නගරයක් වන බන්දාර් අබ්බාස් ආසන්නයේදී, ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙළා ඇතැයි, ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

හූති බැලස්ටික් මිසයිලයක් සහ කෲස් මිසයිලයක් විනාශ කළ බව සෞදි අරාබිය පවසයි

රියාද් දෙසට පැමිණෙමින් තිබූ හූති බැලස්ටික් මිසයිලයක් සහ නිරිතදිග ඛාමිස් මුෂයිට් නගරයට එල්ල වූ කෲස් මිසයිලයක්, සිය ගුවන් පද්ධති මගින් විනාශ කළ බව, සෞදි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img