Thursday, November 12, 2026
HomeNEWSරෝහලේ දී කාන්තා මෘත ශරීර දෙකක් මාරුවීමෙන් උණුසුම් තත්ත්වයක්

රෝහලේ දී කාන්තා මෘත ශරීර දෙකක් මාරුවීමෙන් උණුසුම් තත්ත්වයක්

කාන්තා මෘත ශරීර දෙකක් මාරු වීමෙන් නිකවැරටිය මුලික රෝහලේ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

මහව ප්‍රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි කාන්තාවකගේ සහ නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි කාන්තාවකගේ මෘත ශරීර එලෙස මාරු වී ඇත.

ඒ අනුව ඊයේ (30) දිනයේ දී 67 හැවිරිදි කාන්තාවගේ මෘත ශරීරය මහව ප්‍රදේශයේ මියගිය කාන්තාවගේ ඥාතීන් වෙත රෝහලෙන් භාර දී තිබේ.

ඒ අනුව ඔවුන් මෘත ශරීරය මහව ප්‍රදේශයේ ආදාහනාගාරයක ට ගෙන ගොස් අවසන් කටයුතු සිදුකර ඇතැයි “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.

නිකවැරටිය ප්‍රදේශයේ මියගිය කාන්තාවගේ ඥාතීන් මෘත ශරීරය ලබාගැනීමට රෝහලට පැමිණි අවස්ථාවේ දී එය තම ඥාතියාගේ නොවන බව දැනගැනීමෙන් පසුව ඔවුන් කලහකාරී ලෙස හැසිරී තිබේ.

එහිදී අදහස් දැක්වු මියගිය නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවගේ මුණුබුරා,

“මගේ කිරිඅම්මා තමා නැති වුණේ. එයාට අංශභාගේ තිබුණා. අසනීප වෙලා නිකවැරටිය රෝහලට අරන් ආවා.  පෙරේදා හවස අරන් ආවේ. කුරුණෑගලට යවලා පීසීආර් කරා. බොඩි එක ගන්න රෝහලට ආවා. මෝචරියට ගිහින් බැලුවා එතෙන සිරුරු කිහිපයක් තිබුණා. ඒත් කිරිඅම්මගේ බොඩි එක තිබුණේ නෑ. බලධාරීන්ගෙන් ඇහුවා එයාලා බැලුවට කිසිදෙයක් කිව්වේ නෑ.“

මේ පිළිබඳ රෝහලෙන් නිසි පිළිතුරක් නොලැබුණ බවට ඔවුන් චෝදනා කර සිටින අතර, නිකවැරටිය පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර බව ඔවුන් පැවසීය.

මේ අතර රෝහලේ සිටි හෙද නිලධාරීනියක් එම ස්ථානයට පැමිණ පවසා සිටියේ ඉහළ බලධාරීන් විසින් මේ පිළිබඳ තීරණයක් ලබාදෙන තුරු තමාට කිසිවක් පැවසිය නොහැකි බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img