හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජීවතුන් අතර නැති කාලයක අනාගත දරුවන්ට දැක බලා ගැනීම සඳහා එතුමාගේ දේහය විශේෂ ආකාරයකට සකස් කර තැබීම ජාතික වගකීමක් බව පාර්ලිමේන්තුවේහිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා අම්බලන්තොට ප්‍රදේශයේ පැවති රැස්වීමකදීය.
අපේ රටේ තිස් අවුරුදු යුද්ධයක් තිබ්බා. රටේ පාලකයෝ කීප දෙනෙකුට ඒ යුද්ධය අවසන් කරන්න පුළුවන්කමක් තිබුණා. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ට තිබිච්ච එඩිතරකමේ ප්‍රතිඵලයක් හැටියට එතුමාට පුළුවන්කම ලැබුණා රනවිරුවන්ගේ සහයෝගයෙන් අපේ රට එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් තිස් අවුරුද්දකට පස්සේ මුදවා ගන්න ඉතාමත් කෙටි කාලෙකින් අවුරුදු දෙකහමාරක් තුනක් වගේ කාලෙකින් යුද්ධය අවසන් කරලා රටවල සාමය උදා කරන්න පුළුවන්කම ලැබුණා. එතෙන්දි ලෝකයේ විවිධ රටවල්වල බලපෑම් තිබුණා. යුද්ධය අවසන් කරන මොහොතේ ඊට පස්සේ විවිධ රාජ්‍ය නොවන සංවිධාන වල බලපෑම් තිබුණා ඒ හැම දේකටම නොබියව මුහුණ දෙමින් රට නාවත වතාවක් එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් බේරගෙන රට එක්සේසත් කරන්න එතුමාට පුළුවන්කම ලැබුණා. එතකොට එතුමාගේ ආරක්‍ෂාව ගැන අපි හැමෝම අවධානයෙන් ඉන්න ඕන හේතුව ලෝකයේ තිබිච්ච දරුණුතුම ගරිල්ලා සංවිධානය තමයි එල්ටීටීඊ කියන්නේ. එතකොට මේ වගේ සංවිධානයකට මුහුණ දෙන්න සාමාන්‍යයෙන් පුළුවන්කමක් කෙනෙක්ගෙ හිතට එන්නෙත් ඉතාමත් අමාරුවෙන් . නමුත්තු එතුමා දරු පවුල ගැන පවුලේ සාමාජිකයන් ගැන තමන්ගෙන් ළඟ ඉන්න නෑයෝ ගැන ඒ අයගේ පෞද්ගලික ආරක්ෂාවල් ගැන හිතුවේ නෑ. තනිකරම රටේ රාජ්‍ය නායකයා හැටියට ඒ වෙලාවේ මේ රටේ පුරවැසියන්ට රට බේරලා දෙන්න අවශ්‍ය නායකත්වය දුන්නා.මේ වගේ යුද්ධ වලින් දිනාගත්ත ලෝකෙ නායකයන් අපි දන්න ලෙනින්ගත්තොත් ඒ වගේම හෝචිමින්ගේ ගත්තොත් අදත් මරණ දෙක රටේ පුරවැසියන්ට බලන්න තියලා තියෙන්නේ. අනාගතයේ උපදින්න ඉන්න පුරවැසියන්ටත් ඒ මරණයට ගෞරව කරන්න අවස්ථා හදල දීලද එතකොට ඒ රටවල් වල නායකයෝ එදා තීන්දු කරා මේ ලෙනින් හෝචිමින් වැනි නායකයෝ අනාගතයටත් රටට වටිනවා ඒ නිසා වියදම කොච්චර වුණත් ඒ අයගේ දේහයට අවසන් ගෞරව දක්වන්න හැමෝටම අවස්ථාව දෙන්න ඕන. හරිනම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආරක්ෂාව කියන එක එතුමගේ ආරක්‍ෂාව සැපයීම රටේ රජයේ යුතුකමක්. ඒවගේම එතුමා කවදක හරි එතුමා මියැදුනත් එතුමගෙ මරණය මතු උපදින අනාගතේ හැමෝටම බලන්න පුළුවන් දේහයක් විදියට මේ රටේ තියෙන්න ඕන. ඒ තරම් වටින නායකයෙක්. ඒක කාටවත් බැහැර කරන්න පුළුව න් කමක් නෑ. එනිසා අද අපිට පේන්නේ මේ සියල්ලම ඉතාමත් සුළු සිද්ධීන් හැටියට දාලා ආරක්ෂාව අයින්කරලා නිකන් සාමාන්‍ය පුරසියෙක් බවට පත්කරල එතුමා කරපු යුද්දෙවත් එතුමා රට වෙනුවෙන් කරපු කාර්යවත් කිසිත් වගකීමක් නැති කිසි වටිනාකමක් නැති තැනට ඇදලා.






















