Sunday, November 8, 2026
HomeNEWSලොව ධනවත්ම පුද්ගලයා ට්විටර් ජාලය හිමිකරගනී

ලොව ධනවත්ම පුද්ගලයා ට්විටර් ජාලය හිමිකරගනී

ලොව ධනවත්ම පුද්ගලයෙකු ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Elon Musk ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය ලබාගැනීමට අදාළ ගෙවීම් අවසන් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු ඩොලර් බිලියන 44ක් වැයකරමින් ට්විටර් ආයතනයේ බහුතර කොටස් මිලදීගැනීම හරහා ඔහු එහි හිමිකාරිත්වය තහවුරු කරගෙන ඇති බවය. 

පළමුවරට පසුගිය අප්‍රේල් මාසයේදී Elon Musk විසින් ට්ව්ටර් සමාගම ඩොලර් බිලියන 44කට මිලදී ගැනීමට එකඟ වූ අතර, පසුව එහි කොටස් සම්පුර්ණ කිරීමට නොහැකිවීම සහ විවිධ බලපෑම් හමුවේ එය ප්‍රමාද වී තිබුණි.

කෙසේවෙතත් දැඩි ක්‍රියාවලියකින් පසුව බහුතර කොටස් සියල්ල මිලදී ගනිමින් ඔහු එම ගනුදෙනුව අවසන් කර තිබේ.

එමෙන්ම සිය අයිතිය තහවුරු කරගත් පසු Elon Musk විසින් එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ ප්‍රධාන මූල්‍ය නිලධාරියා සේවයෙන් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img