ආණ්ඩුව කිසිඳු සාකච්ඡාවකට හෝ සමාවකට සූදානම් නොමැති කරුණු දෙකක් පවතින බවත්, ඉන් එකක් පාතාලය බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, පොළොන්නරුවේ ඊයේ දින (12) පැවති ගොවි රැලිය අමතමින්.
එහිදී ජනපතිවරයා පැවසුවේ, රටතුළ ක්‍රියාත්මක සන්නන්ධ අපරාධ කල්ලි මුළුමනින්ම ඉවත් කරන බවයි.
එමෙන්ම, මේ වනවිට විදෙස්ගතව සිට මෙරට පාතාලය මෙහෙයවූ 70කට වැඩි පිරිසක්ද මෙරටට රැගෙනවිත් ඇති බව සඳහන් කළ ජනපතිවරයා මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවට සමාජයේ කතිකාවක් ඇති වී ඇති නමුත්, තවමත් එවැනි තීරණයක් ගෙන නොමැති බව සඳහන් කළා.
එමෙන්ම පාතාල කල්ලි හා සම්බන්ධ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයද ඉවත් කිරීමට කටයුතු කරන බවයි ජනපතිවරයා මෙහිදී අවධාරණය කරනු ලැබුවේ






















