Thursday, October 29, 2026
HomeNEWS"වත්මන් රජය ප්‍රජාතන්ත්‍රවාදය සමූල ඝාතනය කරන්න හදනවා" – විපක්ෂ නායක

“වත්මන් රජය ප්‍රජාතන්ත්‍රවාදය සමූල ඝාතනය කරන්න හදනවා” – විපක්ෂ නායක

වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද සහ ක්‍රමෝපායන් පිළිබඳ අවබෝධයක් හෝ හුරුපුරුද්දක් නොමැති නිසා සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියම සමූල ඝාතනය කිරීමට උත්සාහ කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේදී සමගි නීතිඥ සංගමයේ සාමාජිකයන් හමු වූ අවස්ථාවේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කුළුණු තුන අතර බලය බෙදී යාම සහ සංවරණ හා තුලන ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ආරක්ෂා කිරීමට අත්‍යවශ්‍ය සාධකයක් වුවද, වත්මන් රජය එම කුළුණු අතර ඇති බලය බෙදීයාම සහමුලින්ම විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බව හෙතෙම සඳහන් කළේය.

එක්සත් රාජධානිය වැනි රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම වැනි තීරණ ගනු ලැබුවේ වසර දෙකකට වැඩි කාලයක් පුරා පක්ෂ හා විවිධ පාර්ශ්වකරුවන් සමඟ විවෘත සංවාද පවත්වා පොදු එකඟතාවකට පැමිණීමෙන් පසුව බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, මෙරට රජය 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් එවැනි කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී හෝ සාමූහික සාකච්ඡා ක්‍රියාවලියක් අනුගමනය නොකළ බවට චෝදනා කළේය.

එමෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා ජාති, ආගම්, කුල හෝ පක්ෂ භේදයකින් තොරව රටේ ලක්ෂ 220ක් වූ ජනතාව එකමුතු විය යුතු බවත්, විධායකයේ වගවීම තහවුරු කිරීම සඳහා ගම්, වසම්, දිස්ත්‍රික්, පළාත් සහ ජාතික මට්ටමින් “ප්‍රජාතන්ත්‍රවාදී මණ්ඩප” ස්ථාපිත කළ යුතු බවත් ඒ මහතා යෝජනා කළේය.

මහජන සෛරීත්වය ජයග්‍රහණය කරවීම සඳහා විපක්ෂයේ සියලු කණ්ඩායම්වලට නායකත්වයදීමට තමන් සූදානම් බවද ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව, සමගි නීතිඥ සම්මේලනය හරහා නොමිලේ නීති උපදෙස්, ජංගම නීති සේවා සහ නීති සායන ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්, මූලික හා මානව අයිතිවාසිකම් යන්න දේශපාලන හා සිවිල් අයිතිවාසිකම්වලට පමණක් සීමා නොකර සමාජීය, ආර්ථික හා ආගමික අයිතිවාසිකම් දක්වා පුළුල් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img