සංවර්ධන ව්යාපෘතිවලදී තමන්ට අසාධාරණයක් වන අවස්ථාවල ඊට විරුද්ධ හඬ නගන්න මිනිසුන්ට හැකියාව තිබේ.
නමුත් මිනිසුන් නොවීම නිසා හඬක් නොමැතිවම කරදර විඳින සතුන් ගැන අවධානයක් යොමු නොවන අවස්ථා ද ඕනෑ තරම් ඇත.
වේරැස් ගඟ ව්යාපෘතියට අයත් පිළියන්දල කරදියාන කසළ අංගණය අසල ප්රදේශයෙන් ද එවැනි සිද්ධියක් වාර්තා වේ.
ව්යාපෘතියට සමගාමීව ඉඩම් ගොඩකිරීම් සංස්ථාව මගින් වේරැස් ගඟෙහි දුපත් කිහිපයක් කෘත්රිමව නිර්මාණ කෙරුණේ මීට වසර දෙකකට පමණ පෙරය.
නිර්මාණය වූ එම දූපතක සිරවී සිටින කළු වඳුරන් දැන් දැඩි ජීවිත සටනකට මුහුණ දෙමින් සිටී.
කළු වඳුරන් 15 දෙනෙකු පමණ මෙහි සිරවී සිටින අතර ඔවුන්ට ප්රමාණවත් ආහාර සපයාගැනීමේ හැකියාවක් නොමැති බව වාර්තා වෙයි.
රිළවුන් මෙන් ජලයේ පිහිනා යෑමට ද කළු වඳුරන් එතරම් සමතුන් නොවීම ඊට එක් හේතුවකි.
පහතරට තෙත් කලාපයේ දකින්නට ලැබෙන මෙරටට ආවේණික මෙම කළු වඳුරන් ශීඝ්රයෙන් වඳවී යන සතුන් විශේෂයක් ලෙසත් අන්තර්ජාතික සංරක්ෂණ සංගමය මගින් 2004 වර්ෂයේ දී නම්කර ඇත.
එම සත්ත්වයින්ගේ වටිනාකම බලධාරීන්ගේ අවධානයට ලක්වී නොමැති බව පරිසරවේදින් පෙන්වා දෙයි.






















