Thursday, November 12, 2026
HomeNEWSවයස අවුරුදු 18ට අඩු අය සේවයේ යෙදවිය හැකිද ?

වයස අවුරුදු 18ට අඩු අය සේවයේ යෙදවිය හැකිද ?

ශ්‍රී ලංකාව තුළ යම් පුද්ගලයෙක් සේවයේ යෙදවීමේ හැකි අවම වයස අවුරුදු 18 දක්වා ඉහළ දැමීමට රජය කටයුතු කරයි.

ඊට අදාළ නීති ඉදිරි මාස තුනක් ඇතුළත බලාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද ( 27) පැවසීය.

ඒ සඳහා ස්ත්‍රීන්, තරුණයන් හා ළමයින් සේවයේ යෙදවීමේ පනත යටතේ හඳුන්වාදීමට නියමිත නියෝග මගින් අන්තරායකර රැකියා ලැයිස්තු සංශෝධනය කිරීමට අවශ්‍ය නියෝග නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් දැනටමත් සකස්කර තිබේ.

එසේම වසර 100කට වඩා පැරණි ගෘහසේවක ප්‍රජාව⁣ට අදාළ නීති රීති ද වෙනස්කරමින්, ඔවුන්ගේ  සුභසාධනය සඳහා නව නීති රීති ගෙන ඒමට කටයුතු කෙරේ.

කම්කරු දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්යංශය, ළමා හා කාන්තා කාර්යාංශය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අද පැවති සාකච්ඡාවකදී එම කරුණු හෙළිවිය.

ළමයින් සේවයේ යෙදවීම සහ ගෘහස්ථ සේවකයන්ගේ අයිතිවාසිකම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවත් එහිදී, යම් පුද්ගලයෙක් නිවසක සේවයේ යොදවා ගන්නේ නම් ඒ පිළිබඳව තොරතුරු සේවායෝජකයා විසින් දිස්ත්‍රික් කම්කරු නිලධාරියා හමුවේ  ලියාපදිංචි කළයුතු බවත්, ජාතික අවම වැටුප් පනතට ගෘහස්ථ සේවක සේවිකාවන් ඇතුළත් කිරීම, එම ගෘහ සේවක සේවිකාවන් ආවරණය වන පරිදි සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් පනත් සංශෝධනය කිරීමට ද  මෙහිදී තීරණය කෙරිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්

2027 අයවැය: පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමයින් සඳහා වන චිත්‍ර හා වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්.

වෛද්‍යවරුන්ගේ DAT දීමනාව රු:25,000 කින් වැඩි කෙරේ

2027 අයවැය: වෛද්‍යවරුන්ගේ DAT දීමනාව රු:25,000 කින් වැඩි කෙරේ. හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය විශේෂ රාජකාරී දීමනා රු:6000 කින් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට එය රු:2000...

රජයේ විධායක නිලධාරීන්ට දෙන රු:50,000 ප්‍රවාහන දීමනාව රු:100,000 දක්වා ඉහළට

2027 අයවැය: රජයේ විධායක නිලධාරීන්ට දෙන රු:50,000 ප්‍රවාහන දීමනාව රු:100,000 දක්වා ඉහළට. විද්‍යුත් වාහන භාවිත කරන නිලධාරීන්ට ජූලි මාසයේ සිට 150% දීමනා ඉහළ නැංවීමක්.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ 03 වන අදියරට රු:බි:110 ක්

2027අයවැය: රාජ්‍ය සේවයේ පුරප්පාඩු 148,940 සඳහා දැනට 40,000 ක් බඳවාගෙන ඇති අතර, තවත් 110,000 බඳවා ගැනීමට ප්‍රතිපාදන. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ 03 වන අදියරට රු:බි:110...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img