වර්තමාන ආර්ථීක අර්බුදය විසඳීම සඳහා සම්ප්‍රදායික දේශපාලන මතිමතාන්තරවලින් බැහැරවී මහපොළවේ යථාර්ථයත් ගෝලීය පරිසරයත් ගැන හොඳ අවබෝධයකින් විමසා බැලිය යුතු බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.ලෝක ඉතිසාහය දෙස බැලූවත් මෙරට ඉතිහාසය දෙස බැලූවත් ගෝලීය ආර්ථීක අර්බුදවලින් මිදීම සඳහා කෙටි කාලයකට හෝ අවම කොන්දේසි යටතේවත් එකඟතාවයකට පැමිණි අවස්ථා දැකිය හැකි බවත් එවැනි අවස්ථාවකට හොඳම වේලාව දැන් උදා වී තිබියදීත් එය මඟ හැරීමට ඇතැම් දේශපාලන පක්ෂ කටයුතු කිරීම අවාසනාවන්ත තත්ත්වයක් බවත් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා විසින් පෙන්වා දෙන ලදී.මෙම ආර්ථීක අර්බුදය ජයගැනීමට අවශ්‍ය කෙටි කාලීන හා දීර්ඝ කාලීන විසඳුම් හඳුනාගෙන තිබෙන බවත් ඒ සඳහා පිළිගත හැකි වැඩපිළිවෙලක් ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්රමුඛ ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙන බවත් අජිත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.ආහාර සුරක්ෂිතතාවයක් නොමැති පවුල් 61,000ක් හඳුනාගෙන ඉදිරි මාස 04 තුළ එක් පවුලකට මසකට රුපියල් 10,000ක් ලබාදීමට කටයුතු කිරීම කාලෝචිත බවත් එහි ප්රතිලාභ එම පවුල්වල සියලූම සාමාජිකයින් අතරේ බෙදීයන ආකාරයෙන් එම වැඩසටහන ක්‍රියාත්මක විය යුතු බවත් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා කියා සිටියේය.භූමිතෙල් මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ධීවර කර්මාන්තයේ නියතු කුඩා ධීවර යාත්‍රා හිමියන් සඳහාත් විදුලිබල පහසුකම් නොමැති වතුකර ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාවට යම් සහනාධාර ලබාදීමටත් කටයුතු කරමින් සිටින බවත් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා තිස්සමහාරාමය, දෙබරවැව මැණික් රජමහා විහාරස්ථානයේ පැවති ජනතාවට ආධාර බෙදාදීමේ උත්සවයකට සහභාගී වෙමිණි.අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ඇස් කණ්නාඩි, දහම් පාසල් සඳහා පුටු, කබඩ්, වයිඩ් බෝඩ් ඇතුළු අධ්‍යාපන උපකරණ, අවමංගල්‍යාධාර සමිති සඳහා ගෑස් ලිප්, මුළුතැන්ගෙයි උපකරණ බෙදා දුන් අතර මෙම ලබාදුන් ආධාර ද්‍රව්‍යවල මුළු වටිනාකම රුපියල් ලක්ෂ 15කට අධික වේ.තිස්සමහාරාමය සහ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ඉලක්ක කරගෙන මෙම ආධාර වැඩසටහන් ක්‍රියාත්මක වූ අතර මෙම ආධාර ලබාදීම ගැන එම ප්‍රදේශවල ජනතාව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාට සිය ප්‍රසාදය පළකර සිටියහ.රාමඤනිකායේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය තංගල්ලේ ජිනරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ආධාර බෙදාදීමේ වැඩසටහන පැවැත්වුණු අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.අදාළ ඡායාරූප එවා ඇත.මෙම ප්රවෘත්ති නිවේදනය සඳහා ඔබ මාධ්‍ය මඟින් ප්‍රචාරයක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.






















