Monday, September 21, 2026
HomeNEWSවසන්ත සමරසිංහ අමාත්‍යවරයාගේ අධ්‍යාපන සුදුසුකම් දෙවැනි වරටත් විමසයි

වසන්ත සමරසිංහ අමාත්‍යවරයාගේ අධ්‍යාපන සුදුසුකම් දෙවැනි වරටත් විමසයි

වෙළෙඳ,වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපාකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් නව ජනතා පෙරමුණ විසින් දෙවන වරටත් විභාග දෙපාර්තමේන්තුවෙන් අද(22) විමසීමක් කළා. තොරතුරු දැනගැනීමේ පනත යටතේ නව ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග සහ දෙහිවල ආසන සංවිධායක අමිල කුරේ හා රත්මලාන විහාර කොට්ඨාස සංවිධායක සමන් රණතුංග විසින් අමාත්‍ය වසන්ත සමරසිංහගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව නිරවද්‍යතාවය තහවුරු කර ගැනීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුවට අද ලිපියක් බාර දෙනු ලැබුවා. එහිදි අදහස් දැක් වු උපතිස්ස කුමාරතුංග ප්‍රකාශ කර සිටියේ වසන්ත සමරසිංහ අමාත්‍යවරයාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව විවිධ අදහස් සමාජය තුළ කතා බහට ලක් වී ඇති නිසා ඒ පිළිබඳව සත්‍ය තොරතුරු රට හමුවේ හෙළිදරව් කිරීමේ අරමුණින් 2005 ඔක්තොම්බර් මස 01 වන දින මීට ප්‍රථම ලිපියක් බාර දුන් නමුත් මාස දෙකක් ගත වී ඇතත් ඒ පිළිබඳව කිසිදු තොරතුරක් මේ වනවිට ලැබී නොමැති බැවින් නැවතත් ඒ පිළිබඳව තොරතුරු විමසා අද දින විභාග දෙපාර්තමේන්තුවට ලිපියක් බාර දුන් බවයි. වෙළඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අ.පො.ස උසස් පෙළ (Advance Level) වාණිජ විෂය ධාරාවෙන් (Commerce) හදාරා තිබේ ද?ඔහු ලබා ගත් දිස්ත්‍රික්ක ප්‍රතිඵලය අංක 03 ද? (Districk Rank ) යන කරුණු 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනතේ විධි විධාන අනුව විමසා සිටි බව උපතිස්ස කුමාරතුංග ප්‍රකාශ කරනවා. වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සාමාන්‍ය පෙළ විභාගය සමත්වී උසස් පෙළ හැදෑරීම සඳහා වාණිජ විෂය ධාරාව තෝරා ගෙන තිබෙන බවත් සා.පෙ.ළ ඉහළ සමාර්ථ ප්‍රතිඵලයක් ලබා ගත් ඔහු දිස්ත්‍රික්කය තුළ තුන් (03 ) වෙනියා (Rank – No 3) ලෙස තේරී පත් වී ඇති බවට ප්‍රකාශ වෙන බවද කුමාරතුංග පැවසුවා. එම ප්‍රතිඵලය හේතු කොටගෙන ඔහු කැළණිය විශ්ව විද්‍යාලයට තේරී පත් වී ඇති බවත් උපාධිධාරියකු ලෙස කැළණිය විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපන කටයුතු අවසන් කර ඇති බව දන්නා කරුණක් වුවද මේ පිළිබඳ නිවැරදි තොරතුරු රටට හෙළි කිරීම වඩාත් උචිත බව ද කුමාරතුංග වැඩිදුරටත් ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img