Tuesday, September 15, 2026
HomeNEWSවසරේ මේ දක්වා වෙඩි තැබීමේ සිද්ධි 37ක්

වසරේ මේ දක්වා වෙඩි තැබීමේ සිද්ධි 37ක්

වසරේ මේ දක්වා කාලය තුළ මෙරට වෙඩි තැබීමේ සිද්ධි 37ක් වාර්තා වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (15) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

අමාත්‍යවරයා පැවසුවේ මෙම වෙඩි තැබීමේ සිද්ධි 37න් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් ඇති බවත්ය.

එමෙන්ම මෙම වසරේ මේ දක්වා කාලය තුළ ගිනිඅවි ඇතුළු අවි ආයුධ 797ක් පොලිස් භාරයට ගෙන ඇති බවත් පැවසූ අමාත්‍යවරයා පසුගිය 2025 වසරේදී ගිනි අවි 2,404ක් පොලිස් භාරයට ගෙන ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.

“2026-09-14 වන විට සමස්තයක් හැටියට වෙඩි තැබීමේ සිද්ධි 37ක් වාර්තා වෙලා තියෙනවා 18ක් මිය ගිහින් තියෙනවා. ඒ අතරේ පසුගිය කාලයට අදාළව ජනවාරි 1 වැනිදා ඉඳලා මේ අවුරුද්දේ සැප්තැම්බර් 10 දක්වා ටී 56 ගිනි අවි 14ක්, පිස්තෝල 31ක් රිවෝල්වර 25ක්, වෙනත් අවි 797ක් හැටියට මුළු අවි 867ක් පොලිස් භාරයට අරන් තියෙනවා. 2025 මාස 12 තුළදී 2,404ක් මුළු අවි පොලිස් භාරයට අරන් තියෙනවා.

සිදුවීමක් හැටියට ගත්තොත් දෙහිවල සිදුවීමේදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට අරගෙන තියෙනවා. ප්‍රධාන සැකකරු තවමත් අත්අඩංගුවට අරගන නෑ. කඩිනමින් අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉන්දියානු ගිවිසුම් හෙළි කරන ලෙස ඉල්ලමින් ජන අරගල ව්‍යාපාරය මහපාරට

" සෝදිසි රාජ්‍යයට පාර කපන, ඉන්දියාවට දත්ත පුදන, ජෛවමිතික දත්ත හැදුනුම්පතට එරෙහි වෙමු ! ඉන්දියානු හොර ගිවිසුම් 07 හෙළි කරනු ! " යන සඨන් පාඨ මූලික...

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව කොළඹදී

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) කොළඹ දී පැවැත්විය.... ජාත්‍යන්තර...

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නොතිසි

රෝහල් ගතව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සම්බන්ධ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 22 වනදා අධිකරණය හමුවේ පෙනී...

දිස්ත්‍රික්ක 21 කට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු ඇතිවීමේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, උතුරු - මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකලපුව, වවුනියා සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img