Friday, July 17, 2026
HomeNEWSවසර හයකට පසු ඉන්දීය අගමැති මෝදි ශ්‍රී ලංකාවට.

වසර හයකට පසු ඉන්දීය අගමැති මෝදි ශ්‍රී ලංකාවට.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ඒ අනුව අප්‍රේල් 04 වනදා සිට 06වනදා දක්වා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය සිදු වන බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ.ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අප්‍රේල් මස 03 වනදා තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත අතර එරට සිට ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.නරේන්ද්‍ර මෝදි මහතා මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර තවත් දේශපාලන නායකයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.ඉන්දීය ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.නරේන්ද්‍ර මෝදි මහතා අවසන් වරට මෙරටට පැමිණියේ 2019 වසරේදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...

සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන – විපක්ෂ නායක සජිත්

ගොවි උපකරණවලට අධික බදු බර. සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය කෘෂි උපකරණවලට බදු පිට බදු ගැසුවත් සිගරට් සඳහා...

ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ...

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img