බලපත්‍රයක් රහිතව ව්‍යාජ විදේශ රැකියා ඒජන්සි ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පෙර විගමණික පුහුණුව සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පන්නිපිටිය පුහුණු මධ්‍යස්ථානයේ ලියාපදිංචි කිරීමට තරුණයින් පිරිසක් කැඳවාගෙන ආ අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේය.
පෞද්ගලික ආයතනයක් රුමේනියා රජයේ කම්කරු රැකියා ලබාදෙන බව පවසමින් යාපනය ප්‍රදේශයේ තරුණයින් 7 දෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පන්නිපිටිය පුහුණු මධ්‍යස්ථානයට කැඳවාගෙන විත් තිබේ.
එම ආයතනයට විදේශ රැකියා ඒජන්සි ආයතනයක් පවත්වාගෙන යාම සඳහා බලපත්‍රයක් නිකුත් කර නොමැති බව අනාවරණය වූ පසු පන්නිපිටිය පුහුණු මධ්‍යස්ථානයේ නිළධාරීන් විශේෂ විමර්ශන අංශයට ඒ පිළිබඳ දැනුම්දී ඇති බව සඳහන් වේ.
අනතුරුව විමර්ශන නිලධාරීන් විසින් එම ආයතනයෙන් පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ.






















