Monday, August 17, 2026
HomeNEWSවාහන එකලස් කිරීමට සහ අමතර කොටස් නිෂ්පාදනයට සැලසුම්

වාහන එකලස් කිරීමට සහ අමතර කොටස් නිෂ්පාදනයට සැලසුම්

වාහන එකලස් කිරීමට සහ අමතර කොටස් නිෂ්පාදනයට සැලසුම්

මොටර් රථ එකලස් කිරීම හා මෝටර් රථ අමතර කොටස් නිපදවීම තුළින් දේශීය සහ අන්තර්ජාතික මෝටර් රථ වෙළෙඳපොළ ජය ගැනීම මූලික අරමුණක් බව රජය පවසයි.

ඒ අනුව මෙරට වාහන එකලස් කිරීමේ සහ අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත ‍මෙහෙයුම් පටිපාටිය එළිදැක්වීම ඊයේ (15) සිදු කෙරුණි.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මගපෙන්වීම යටතේ කර්මාන්ත අමාත්‍යාංශය විසින් සකස්කර ඇති වාහන එකලස් කිරීමේ සහ අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ කොළඹ පැවති උත්සවයකදී එළිදැක්වනු ලැබීය.

මෙහිදී ඊට අදාළ නිල වෙබ් අඩවිය එළි දැක්වීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදුකර තිබේ.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ, “ක්‍රමයක් වෙනස් කරන්න හදනකොට විවිධ බාධක ඇති වෙනවා. නමුත් සාර්ථක ක්‍රමයක් හඳුන්වලා දුන්නාම ඒ හැමෝම වැඩපිළිවෙල සමග එකතු වෙනවා. වාහන එකලස් කිරීමේ සහ අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක් මීට පෙර තිබුණේ නෑ. මෙය අපේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් බවට පත්වෙයි,”යනුවෙනි.

“අපි අද එළිදක්වන මේ, වාහන එකලස් කිරීමේ සහ අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය මගින් මේ ක්ෂේත්‍රයේ ආයෝජනය කරන්න බලාපොරොත්තුවෙන අය වෙනුවෙන් පදනම ස්ථීරසාරව සකස් කිරීම සිද්ධ වෙනවා,” යනුවෙන් එම උත්සව සභාව අමතමින් අදහස් දැක්වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෞද්ගලික බැංකු හතරක කළමණාකරුවන් සිව් දෙනකු FCID අත්අඩංගුවට

මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් මාරු කිරීමේ සිද්ධියේ විමර්ශනයට අදාළව පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරදෙනෙකු FCID අත්අඩංගුවට.

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...

වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු දිලිත්ගෙන් තරුණ ප්‍රජාවට ආරාධනාවක්

"වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු " එයයි අපගේ පණිවිඩය - දිලිත් තරුණ ජන මතය කලඹයිරට වෙනස් කරන කුළුදුල් ඡන්ද එක් ලක්ෂ පනස් දහසක් සමඟින් ඉදිරියට ශ්‍රී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img