වැට් (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය හෙට (10) එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වීම සදහා පාර්ලිමේන්තුව හෙට (10) රැස්වීමට නියමිතය. මේ අනුව පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වා මෙම විවාදය පැවැත්වීමට නියමිතය. පසුගිය නොවැම්බර් 20 වැනිදා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ පරිදි මෙම විවාදය හෙට දින පැවැත්වේ. මේ අතර අයවැය කාරක සභා අවස්ථා විවාදයේ අවසන් දින ත්රිත්වය ලබන 11 වැනි සඳුදා සිට 13 වැනි බදාදා දක්වා පැවැත්වෙන අතර ලබන 13 වැනිදා ප.ව 6.00 ට 2024 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) තෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.






















