Friday, November 13, 2026
HomeNEWS"වැඩිපුර තල්ලුවක් මහජන ප්‍රශ්න විසඳන්න දෙන්න-යදාමිණි ගුණවර්ධන.

“වැඩිපුර තල්ලුවක් මහජන ප්‍රශ්න විසඳන්න දෙන්න-යදාමිණි ගුණවර්ධන.

“වැඩිපුර තල්ලුවක් මහජන ප්‍රශ්න විසඳන්න දෙන්න. ඒ අයයි මේ අමාරු ආර්ථිකයේත් රාජ්‍ය සේවකයින් බලා ගන්න භාණ්ඩාගාරයට වැඩිපුර සම්මාදම් වෙන්නේ” – කොළඹ සංවර්ධන කමිටු සභාපති, පා.ම.යදාමිණි ගුණවර්ධන මහතා

ප්‍රජාවගේ ඉල්ලීම් පිළිබඳව ජනතා ප්‍රශ්න විසඳන්න ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම්වල ගන්නා තීරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් ක්‍රියා කළයුතු බව, කොළඹ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා කියා සිටියේය. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කොළඹ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට පසුගියදා එක්වෙමිනි.

උතුරු කොළඹ හා මැද කොළඹ ප්‍රදේශයේ ජනතාවගේ ගැටළු සාකච්ඡා කර සංවර්ධන කමිටුව ලබා දෙන විසඳුම් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් අතිශයින්ම බැඳී සිටිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය. එසේම ඒවා වැඩිපුර උත්සාහයක් දරා ඉටුකර දෙන්න කටයුතු නොකළහොත් පසුගිය මාස 14 පුරාම මේ අසීරු කාලයේදී මහජනතාව ගෙවන බදු මුදලින් ගෙවෙන රාජ්‍ය සේවකයින්ගේ වැටුප්වලට සාධාරණයක් ඉටු නොවන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

කොළඹ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී, එම ප්‍රදේශය තුළ ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක වූ නිපුණතා හා කුසලතා පූර්ණ තරුණ පිරිසක් ගොඩනැගීම උදෙසා, වෘත්තිය හා නිපුණතා පාඨමාලා රැසක් ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට තීරණය විය.

ප්‍රජා සහභාගිත්වය සංවර්ධන පිළිබඳ විශේෂ ඉදිරිපත් කිරිමක් සමඟ කොළඹ මහ නගර සභාව සහසම්බන්ධ වීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවක්ද සිදුකරනු ලැබීය.

2024 වසර සඳහා පළාත් සභා අයවැය ප්‍රතිපාදන ඉල්ලුම් යෝජනාවේ මූලික කෙටුම්පත සංවර්ධන කමිටුවවෙත ඉදිරිපත් කර සාකච්ඡා කිරීමෙන් පසු මෙම රැස්වීමේදී අනුමත කළේය.

මෙම රැස්වීම සඳහා සඳහා හිටපු නාගරික මන්ත්‍රීවරු, කොළඹ ප්‍රාදේශීය ලේකම්, කොළඹ මහ නගර සභාවේ නිලධාරීහු , නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු විෂයන් රැසකට අදාළ රාජ්‍ය නිලධාරීහු , ප්‍රජා සංවිධාන රාශියක් ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? දිනන දකුණ ප්‍රශ්න කරයි

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? මෙවර රජය රටට ඉදිරිපත් කළ අයවැයට පදනම් වූ ප්‍රතිපත්තිය දෙස බැලීමේදී නැවත නැවතත් තහවුරු වන්නේ,...

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ – විපක්ෂ නායක සජිත්

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අයවැය තුළින් රටේ ලක්ෂ 220ක් ජනතාව මුහුණ දෙන බරපතළම...

අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති

අනෝජන් සිවරාසා මහතා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීමට මැදිහත් වීම පිළිබඳව පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන්...

අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්

2027 අයවැය: පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමයින් සඳහා වන චිත්‍ර හා වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img