Monday, August 31, 2026
HomeNEWSවිදුලිසැර වැදී වන අලි දෙදෙනෙක් මරුට

විදුලිසැර වැදී වන අලි දෙදෙනෙක් මරුට

විදුලිසැර වැදීමෙන් මිය ගිය වනඅලින් දෙදෙනෙකුගේ සිරුරු මැදිරිගිරිය, දහම්වැව ප්‍රදේශයේ වගාබිමක තිබී හමුව තිබේ.

වගාබිම ආරක්ෂා කිරීම සඳහා පුද්ගලයෙකු විසින් ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක ගැටී අද (30) අලුයම එම වනඅලි දෙදෙනා මියගොස් ඇති බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.

එලෙස මියගොස් ඇත්තේ කවුඩුල්ල රක්ෂිතයේ සැරිසැරූ වයස අවුරුදු 20ත් 30ත් අතර වු වන අලියෙකු සහ කෙනෙරකි.

මියගිය වනඅලි දෙදෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණ අද ගිරිතලේ වනජීවි පශූ වෛද්‍ය ඒකකය විසින් සිදුකිරීමට නියමිතය.

අලීන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගම්වාසින් පවසා සිටියේ, 

“මේ අලි දෙන්නා මැරෙන්නේ නැහැනේ එදා ජනාධිපතිතුමා ආපු වෙලාවේ කිව්වා මේ අලි ටික එළවලා වැට ගහලා සකස් කරන්න කියලා. ඒ නිසා සම්පූර්ණ වැරැද්ද වනජීවි නිලධාරීන්ගේ.“ යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...

ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img