Wednesday, November 11, 2026
HomeNEWSවිදුලි කප්පාදුවක් ගැන නිවේදනයක්

විදුලි කප්පාදුවක් ගැන නිවේදනයක්

රට පුරා සිදුවූ විදුලි බිඳවැටීමත් සමග නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ද මුළුමනින්ම යථා තත්ත්වයට පත් කිරීමට දින 3ක් පමණ ගතවන බව වාර්තා වෙයි.

එබැවින් විදුලි ඉල්ලුම මත පදනම්ව කෙටි කාලීනව විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේය. 

විදුලිබල මණ්ඩලය සඳහන් කළේ මෙගාවොට් 900ක විදුලිය නිපදවන බලාගාර 3 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වනතුරු එලෙස ඉදිරි දින කිහිපයේ දිවයින පුරා ප්‍රදේශවල එලෙස කෙටිකාලීන විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවය.

ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද පෙරවරු 11.30ට පමණ දිවයින පුරා විදුලි සැපයුම බිඳවැටුණි.

විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන්නේ මෙලෙස පද්ධතියේ පූර්ණ බිඳවැටීමක් සිදුව ඇත්තේ කොත්මලේ ග්‍රීඩ් උපපොළේ සිට බියගම ග්‍රීඩ් උපපොළ දක්වා විදුලිය රැගෙන එන රැහැන් මාර්ගයේ බිඳවැටීමක ප්‍රතිඵලයක් ලෙස බවය. 

හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් දිවයින පුරා ජනතාව දැඩි අපහසුතාවට පත්වී තිබුණි. 

මේ අතර අමාත්‍යවරුන්ගේ මාධ්‍ය හමු සහ උත්සව අවස්ථා කිහිපයක්ම පවතින අවස්ථාවේදී විදුලි සැපයුම බිඳවැටීමෙන් ඊට බාධා එල්ලවුණි.

හදිසි විදුලි බිඳවැටීමත් සමඟ අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාරවල කටයුතු සම්පූර්ණයෙන්ම අඩාලවීමත් සමඟ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ බොහෝමයක ජල සැපයුමට ද බාධා එල්ලවිය.

ඒ හේතුවෙන් ජලය නොමැතිව ද ජනතාව දැඩි අපහසුතාවට පත්වුණි.

එමෙන්ම කන්තලේ ජල පවිත්‍රාගාරයේ කටයුතු ඇණහිටීමත් සමඟ තඹලගමුව, කින්නියා, ත්‍රිකුණාමලය ප්‍රදේශවලද ජල සැපයුම ඇණහිට තිබුණි.

ඒ අතර විදුලි සැපයුම ඇණහිටීමත් සමඟ කොළඹ ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝළිම්ද දක්නට ලැබුණි.

මේ අතර විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසන්නේ සිය අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවන බවය.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා,  

“වෘත්තීය ක්‍රියාමාර්ගය අද තාවකාලිකව අත්හිටවූවා.ඉල්ලීම්වලට ජනපතිගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණා. ජනපති සමග සාකච්ඡා කිරීමට නියමිතයි.සාකච්ඡාවලින් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. දිවයින පුරා අද විදුලිය බිඳවැටුනා. ඒකට හේතුව කොත්මලේ – බියගම දක්වා වන සම්ප්‍රේෂණ පද්ධතියේ බිඳවැටීමක්. ලක්ෂපාන – කොළඹ දක්වා වන සම්ප්‍රේෂණ පද්ධතියේ බිඳවැටීමක්. ඒ සමග පද්ධතියේ අසමතුලිතතාවයක් ඇතිවුණා. තාක්ෂණික හේතුවක්. වෘත්තිය ක්‍රියාමාර්ගය නොසළකා පද්ධතිය යථා තත්ත්වයට පත්කළා. 100%ක් විදුලිය ප්‍රතිස්ථාපනය කළා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img