අධික විදුලි ඉල්ලුම හේතුවෙන් අද (27) දිනයේ අමතර පැයක කාලයක් සඳහා විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.
මහජන උපයෝගීතා කොමිසම මීට පෙර නිවේදනය කළේ P සිට W දක්වා කලාප සඳහා අද දිනයේ පැය 2ක කාලයක් පමණක් විදුලිය කප්පාදු කරන බවය.
නමුත් සති අන්තයේ විදුලි ඉල්ලුම අනපේක්ෂිත අයුරින් ඉහළ යෑම හේතුවෙන්, එම කලාපවලට අද දිනයේ අමතර පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.
ඒ අනුව අද උදෑසන 9 සිට රාත්රී 11 දක්වා ඉහත කලාපයන්ට පැය 3ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට සැලසුම් කර තිබේ.
A සිට L දක්වා කලාප සඳහා අද දිනයේ මීට පෙර සැලසුම් කළ පරිදි පැය 3යි මිනිත්තු 30ක කාලයක් අද උදෑසන 08.30 සිට රාත්රි 10.30 දක්වා විදුලිය කප්පාදු කෙරේ.






















