*විදුලිබල මණ්ඩලයේ ලාභය ගැන පාඨලීගේ චෝදනා: වංචාවක්? විදුලි ගාස්තු අඩු නො වීම පිටුපස ඇත්තේ කුමක් ද? පාඨලී මහජන උපයෝගීතා කොමිසමට ම ගොස් හෙළිදරව් කරයි.**අනුර – හරිනි ලයිට් බද්ද: IMF එකේ ක්‍රිස්ටිලීනා තමයි අපේ පාලකයා. එතුමිය කියන විදිහට අපිට මේවට බදු අය කරන්න ඕනයි කියන ඇත්ත කියලා වැඩ කරන්න. එහෙම නැත්නම් අර තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු ඇත්ත දේශපාලනයේ තිත්ත මිනිස්සු වෙන දවස වැඩි ඈතක නෑ.*විදුලි ගාස්තු සම්බන්ධයෙන් අදහස් විමසීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් සංවිධානය කරන ලද සාකච්ඡාව සඳහා එක්වෙමින් හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයෙකු ද වන එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා දැක්වූ අදහස්.රණවක මහතා මෙහිදී පෙන්වා දුන්නේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලබන පුරෝකථනයන් මත පදනම්ව විදුලි ගාස්තු වැඩි කිරීම සාධාරණීකරණය කළ නොහැකි බවයි. ඔහු පෙන්වා දුන්නේ 2024 වසරේදී ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලබන බව පවසමින් විදුලි ගාස්තු වැඩි කරන ලද නමුත් අවසානයේ ලාභ ලබා ඇති බවයි. පසුගිය කාලය තුළ ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද පුරෝකථනයන් නිරවද්‍ය නොවූ බව ද හෙතෙම අවධාරණය කළේ ය.”ලංකා විදුලිබල මණ්ඩලය 2025 වර්ෂයේ පළවෙනි හය මාසය සම්බන්ධයෙන් තමන්ගේ පුරෝකථනය ඉදිරිපත් කරලා තියෙනවා. මේ පුරෝකථනය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමත් තමන්ගේ අදහස් දක්වලා තියෙනවා. සුපුරුදු පරිදි ලංකා විදුලිබල මණ්ඩලය නැවත වතාවක් මේ පුරෝකථනය මගින් තමන්ට මහත් පාඩුවක් සිද්ධ වෙන බව කියලා මේ විදුලි අය ක්‍රමය; ඒ කියන්නේ ජනතාවට සහනයක් ලබා දීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අපි 2024 දීත් මේක දැක්කා. අර කැලේ මාරු උනාට, කොටියාගේ පුල්ලි මාරු වෙන්නෙ නෑ වගේ. ආණ්ඩු මාරු වුණාට, ලංකා විදුලිබල මණ්ඩලය පාලනය කරන ඒ පරණ සෙල්ලම ඒ විදියට ම කර ගෙන යනවා. 2024 මාර්තු වල තිබූ අය ක්‍රම අවස්ථාවේ දී අපිත් ආවා මෙතැනට. මොකද කිව්වේ? අපිට අඩු කරන්න පුළුවන් 3.4% යි කිව්වා. නැත්නම් අපි පාඩු වෙනවා කිව්වා. අපි කරුණු දැක්වුවාට පස්සේ, මහජන උපයෝගීතා කොමිසම 21.93% ක සහනයක් ජනතාවට ලබා දුන්නා. විදුලිබල මණ්ඩලය පාඩු වුණා ද? නෑ. ඊළඟට ආවා ජුලි මාසෙ අය ක්‍රම සංශෝධනයක් මොකද කිව්වේ ලංකා විදුලිබල මණ්ඩලය 4.63% ක සහනයක් දෙන්නම් කිව්වා. නමුත් අපි කරුණු දැක්වුවාට පස්සේ මහජන උපයෝගීතා කොමිසම 22.49% ක සහනයක් ජනතාවට දුන්නා. ලංකා විදුලිබල මණ්ඩලය 2024 මණ්ඩලය කියපු ඉලක්කම් අනුව පාඩු වුණාද? නෑ. ලංකා විදුලිබල මණ්ඩලය 2024 අවුරුද්දේ ජනවාරි 24 ඉඳන් දෙසැම්බර් 24 රු. බි. 140.59 ලාභයක් වාර්තා කරලා තියෙනවා.ඒ කාලය ඇතුළත ක්ෂය වීම හරහා ලැබිච්ච මුදල බිලියන 37 ක්. එතකොට ඔක්කොම 177.6ක්. 2023 ත් මේ විදියටම බිලියන හැට තුනක ලාභයක් එකතු කරගත්තා. ඔය ක්ෂය වීමත් එක්ක ගත්තම එතනත් ආසන්න වශයෙන් බිලියන 100 ක් තිබුණා. එතකොට මේ බිලියන 270 කට අධික මුදලක් පාරිභෝගිකයාගෙන් තමන්ගේ සියලු වියදම් එක්ක එකතු කර ගෙන තියෙනවා. සියලු අකාර්යක්ෂමතා එක්ක, සියලු දූෂණ එක්ක එකතු කර ගෙන තියෙනවා. සෑම විදුලි පාරිභෝගිකයෙක්ගෙන්ම රුපියල් 33,000 ක් වැඩියෙන් අය කර ගෙන තියෙනවා. ඒ නිසා ඒ 33,000 පාරිභෝගිකයාට ලබා දෙන්න.”ඊළඟට මේ නිතර කියන කතාවක් තමයි අපි ණයයි ඇත්ත 2013 ඉඳන් Tariff Revision එකක් කළේ නෑ, ඒ ගැන අපිට ප්‍රශ්න තියෙනවා, ඒ නිසා අපිට අඩු කරන්න බෑ කියලා. 2022 දෙවැනි කාර්තුවේ Equity Investment එකක් කළා CPC එක Fuel Payment වලට, බිලියන 45 ක. 2022 තුන්වෙනි කාර්තුවේ දී Equity Investment එකක් කළා CPC Fuel Payment වලට, බිලියන 35 යි. පුත්තලම Coal plant power project එකට දුන්නා, බිලියන 1.215 ක්. Debt Equity Conversion එකක් කළා බිලියන 9.612 ක්. පුත්තලම් Coal plant project එකට දුන්නා තවත් බිලියන 119.260 ක්. Debt Equity Conversion එකක් කළා බිලියන 242 ක. Equity Investment එකක් කළා 2023 හතරවෙනි කාර්තුවේ දී CPC Fuel Payment වලට බිලියන 126 ක. ඔක්කොම කීයද? 578 ක් කරලා තියෙනවා. මේ රජයේ භාණ්ඩාගාරය විසින් මේ රටේ මහජනයා හරහා මෙතරම් ප්‍රමාණයක් උකහා ගෙන තියෙනවා. Tariff Revision එකක් නොමැති වීම නිසා ඇති වූ පාඩුව. දූෂණ, අක්‍රමිකතා, නොසැලකිලිමත් කම්, මේ සියල්ලේ එකතුව ගෙවලා තියෙනවා.මේ ගැන විගණන විමසුමක් ජාතික විගණන කාර්යාලය කරලා තියෙනවා. මොකද අපිට ඇහෙනවා, ඊයේ ඇමතිතුමත් කිව්වා තව බිලියන 322 ක් තියෙනවා කියලා ගෙවන්න. ඒ සියලු වියදම් මේ Finance Cost එකේ ඇතුල් කරලා තමයි මේ ගණන් හදලා තියෙන්නේ. ඒක නිසා තව ණයයි, තව වැඩි කරන්න ඕනෙයි කියලා මහජනයා නොමඟ යවන්න බෑ. දැන් බලන්න මේකේ මේ විගණන විමසුමේ තියෙනවා 06/07 “It was further observed that all trade payables as at 31st December 2023 has been consisted with the related expenditure incurred during 2023 and those expenditure had been fully recovered from the tariff revision made at 2023.” ඒක නිසා අනේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා බොරු කියන්න එපා. මොකද මේ රටේ මිනිස්සුන්ට නඩු දාන්න බෑ එතන කතා කළහම. ඇත්ත කතාව මේ විගණන විමසුමේ තියෙනවා. ඊළඟට “Also, loan repayments to be made during the year 2024 was only Rs. 63.9 billion, Accordingly, accumulated financial lost of the CEB had been recovered by the Electricity tariff increases, government subsidy for CPC fuel payments (Rs.206.271 million) and converting CEB debts (Rs. 372,105 million) into equity in 2022.” කියලා කතාව කියලා තියෙනවා. ඒ නිසා මම ඔබතුමාලගෙන් ඉල්ලා හිටිනවා බුද්ධිමත් පිරිසක් හැටියට මේ විගණන විමසුමත් බලලා, (මේක විගණන වාර්තාවක් නෙමෙයි.) මේ ඇත්ත එළි කරන්න. ලංකා විදුලිබල මණ්ඩලයේ සෙල්ලම ඕකයි.2015 ජනවාරි 15 වෙනිදා මං ලංකා විදුලිබල මණ්ඩලයට ගියා. මට කිව්වෙත් ඕකයි. ඒ අවුරුද්දේ බිලියන් 45 ක් පාඩු වෙනවා කියලා. ඒ නිසා fuel adjustment charge එක අයින් කරන්න කිව්වට අයින් කරන්න කැමති වුන්නෑ. අපි අයින් කළා. 16.20 තිබිලා රු. 15 ට unit එක ගෙනාවා. ඒ අවුරුද්දේ ලංකා විදුලිබල මණ්ඩලයේ ලාභය බිලියන් 20යි. හැබැයි කිව්වේ බිලියන් 45 ක පාඩුවක් කියලා කිව්වේ. හරි. ඒකෙදි අපිට තාම මතකයි ඇතැම් වෘත්තීය සමිති අද ආණ්ඩු බලය උසුලන අයගේ වෘත්තීය සමිති ලංකා විදුලිබල මණ්ඩලයේ පඩියෙ වාඩිවෙලා අපට විරෝධය දැක්වුවා නමුත් ඒ ආයතනය ගොඩ ගන්න පුළුවන් ආයතනයක්. ඒ ආයතනය එවැනි ප්‍රශ්න නෑ. බොහෝ සේවකයෝ අපිට සහයෝගය දුන්නා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට ඒක එතෙන්ට ගියා. ඒ නිසා අපි ඔබතුමාලගෙන් ඉල්ලන්නේ ජනතාවගේ පැත්තේ ඉඳන් මේ ඉලක්කම් නම් විශ්වාස කරගෙන කටයුතු කරන්න එපා. මම ගිය වරත් අපේ ජෙනරල් මැනේජර් මහත්මයාට කිව්වේ ඒගොල්ලෝ ඔක්කොම ගණිත අංශයෙන් ඉතා ඉහළින් සමත් වෙච්ච අය කරුණාකරලා මේ ඉලක්කම් වරද්දවලා මහජනයාට බර දෙන්න එපා. ඒ මොකද? මේ ලංකා විදුලිබල මණ්ඩලය විතරක් නෙමෙයි මෙතන ප්‍රශ්නෙ. මෙතන ලංකා විදුලිබල මණ්ඩලයේම ගැටලුවක් නෙමෙයි තියෙන්නේ. රටේ ආර්ථික ගැටලුවක් තියෙනවා. මේ tariff එකත් එක්ක අපිට කියනවා නිතරම අපිට මේකේ ඇත්ත මොකක්ද? මේ අය ක්‍රමය පිළිබඳ කතාවේ ඇත්ත මොකක්ද? අය ක්‍රමය ගැන මටත් කියන්න පුළුවන්. දෙදාස් විසිපහේ පායන්න නියමිතයි. ඒ අනුව ජල විදුලිය මෙච්චරයි එන්නේ. මෙන්න මේ ගානට තෙල් මිල ගණන් යනවා. ඒ නිසා මෙච්චර යනවා කියලා අපිට පුරෝකථනය කරන්න පුළුවන්. ඒක කොයි අවස්ථාවෙත් කරලා වැඩි කරලා පෙන්නන්න පුළුවන්. නමුත් ඇත්තටම වෙච්ච දේ තමයි බලන්න ඕනේ. දැන් අපි දන්නවා ලංකා විදුලිබල මණ්ඩලයේ වැටුප් ක්‍රමය. වැටුප් වැඩිවීම. ඒක කරද්දි හැමදාම කරන්නේ මොකක්ද? මේ මෑත කාලයේ නම් ක්‍රියාත්මක වෙලා නෑ. නමුත් ගිය අගෝස්තු මාසේ 25% ක වැටුප් වර්ධකයක් දීලා තියෙනවා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට. නමුත් අවුරුදු තුනෙන් තුනට ඉස්සර කළේ කොහොමද? අතීතය බලලා තමයි වැටුප් වැඩි කළේ. ඒ කියන්නේ ඒ අවුරුදුවල කොයි විදිහේ උද්ධමනයක් තිබුණද? ඒ උද්ධමනය කොහොමද බලපෑවේ කියලා බලලා තමයි යථාර්තවාදී ඉලක්කම් මත තමයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉඳන් සියලු දෙනාගේ ම වැටුප් වැඩි කළේ. විදුලිය අය ක්‍රමය කරන්න ඕනෙත් එහෙමයි. අනාගතයේ ඇතිවන තත්ත්වයන් පෙන්නලා විදුලි බිල වැඩි කරන්න බෑ. අතීතයේ ඇත්තටම සිද්ධ වෙච්ච දේ බලන්න ඕන. ඇත්තටම සිද්ධ වෙච්ච දේ නම් ලාභ උපදවලා තියෙනවා. විදුලිබල මණ්ඩලය මෙතන ඉදිරිපත් කරපු සංඛ්‍යාලේඛන බොරු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ටම දොස් කියන්න බෑ. මට ඒ උපකල්පන වැරදි වෙලා තියෙන්න පුළුවන්.මේ 2025 පලවෙනි මාස හය නෙමෙයි අපි කතා කරන්නේ. පලවෙනි මාස හයේ ලංකා විදුලිබල මණ්ඩලය පාඩුවක් ඉපයුවොත් ඊළඟ මාස හයේ අයවැය ක්‍රමයට ඒක එකතු කරලා ඒක ලබාගන්න. ඒකෙ ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ අතීතයේ ගත්ත වැරදි ලාභය කරුණාකරලා ජනතාවට දෙන්න. අද කර්මාන්ත වලින් 20% ක් වැහිලා තියෙන්නේ ඒකයි. ඊයේ මම ගියා ගම්පහ කර්මාන්තශාලා තුනකට. තුනම අර්බුදයට ගිහින් තියෙනවා විදුලිබල බිල එක්ක. අද වර්තමාන ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිතුමා පසුගිය වසරේ ඔය විදුලිබල පනත ආපු වෙලාවේ අපිට පෙන්නලා දුන්නා මේ වියට්නාමය අපිට වඩා 40%ක් විදුලි ගාස්තු අඩුයි කියලා, දැන් එතුමා සභාපති. හැබැයි ඒක වෙනස් කරන්න යන්නෑ. මොකද මේ කර්මාන්ත සියල්ලම තොග පිටින් විදේශ රටවලට යනවා. රැකියා අහිමි වෙනවා. ආර්ථිකය හැකිලෙනවා. ඒක නිසා කරුණාකරලා මේ අධික බරෙන් නිදහස් කරන්න. මම නම් මේක දකින්නේ ලයිට් බද්ද කියලා. මොකද විදුලියට බද්දක් ගහලා තියෙනවා තෙල් වලට ගහලා තියෙනවා වගේම. ලංකා විදුලිබල මණ්ඩලය කරන්නේ සේවයක්. ආර්ථිකය දුවන්නේ දුගී දුප්පත් ජනතාවගේ විදුලි පහසුව ලැබෙන්නේ ඒකට. අපි එදා 2010 දී විදුලමු ලංකා වැඩපිළිවෙළ ආරම්භ කරලා අවුරුදු තුනක් ඇතුළත මුළු ලංකාවම සීයට සීයක් විදුලි කරණය කරන කොට කොච්චර බලාපොරොත්තු දුන්නද ජනතාවට? අද අවුරුද්දක්, ගිය අවුරුද්ද ඇතුලත මිලියන ගානකගේ කපලා තියෙනවා බිල ගෙවාගන්න බැරුව. ඒ ඒක අපි බලාපොරොත්තු වෙච්ච දේ ඒකද ඒ රජය ඒ අවස්ථාවේදී බිලියන ගානක් ආයෝජනය කිරීමෙන් බලාපොරොත්තු වුනේ? දකුණු ආසියාවේ පළවෙනි වතාවට ඒක අත්පත් කර ගත්තේ අපි. සීයට සීයක් විදුලිකරණය. ලංකා විදුලිබල මණ්ඩලය නම් වෙනස් වෙලා නෑ. නමුත් අපි හිතනවා, මහජන උපයෝගීතා කොමිසම කලින් අවස්ථා දෙකේදී මැදිහත් වුණා වගේ, මේ අවස්ථා දෙකේදීත් මැදිහත් වෙයි කියලා.මෙතන තියෙනවා වෙන කතාවක්. ඒ ඇත්ත කතාවත් අපි කියන්න ඕනේ. ඒක තමයි, අද මේ රට පාලනය කරන, ජාත්‍යන්තර මූල්‍යය අරමුදල, අපේ ක්‍රිස්ටියානා ජෝර්ජියාවා මැතිනිය, එතුමිය දීලා තියෙනවා ආණ්ඩුවට ඉලක්කයක්. බිලියන් හාරදාස් පන්සීයකට අධික ප්‍රමාණයක් මේ වසරේ හොයාගන්න කියලා. ඒ හොයාගන්න යන්නේ මේ බද්දයි, තෙල් බද්දයි. ඒ බදු දෙකෙන් බිලියන හාරසීයක් එකතු කරගත යුතුයි. එහෙම වුණොත් තමයි මේ හාරදාස් පන්සීය ගන්න පුළුවන්. ඇත්ත ඕකයි. ඒ ඇත්ත කියන්නේ නැතුව, මේ ව්‍යාජ ඉලක්කම් පෙන්වීම, රට නොමඟ යැවීමක්, දේශපාලන නොමඟ යැවීමක්, සහ අනෙකුත් කාරණා. ඒ නිසා අපි ඔබ, ඔබතුමාලගෙන් ඉල්ලන්නේ වෙන මොකුත් නෙවෙයි, කරුණාකරලා අපෙන් වැඩියෙන් අයකරගත්ත ටික, අපේ ජනතාවට දෙන්න පාඩුවක් සිද්ධ වුනොත් ඔය කියන විදියට ලංකා විදුලිබල මණ්ඩලය කියන විදියට වහින්නෙ නැතුව ඉඳලා එහෙම ප්‍රශ්නයකුත් ඊළඟ හය මාසෙදි ඒක ගන්න. ඒක තමයි විද්‍යාත්මක ක්‍රමවේදය. අනාගතය සඳහා පුරෝකථනය කරලා අය ක්‍රම හදන්න බෑ. අතීතයට ගැලපෙන විදිහට හදන්න. ඒ වගේම ලංකා විදුලිබල මණ්ඩලයට ඉලක්ක දෙන්න. මෙහෙ කොහෙවත් නෑ කරන්න මෙච්චර කියලා. ඔබගේ කාර්යක්ෂමතාවය නංවන්න එකක් නෑ. කිසිම දෙයක් නෑ. ලංකා විදුලිබල මණ්ඩලයේ ඔක්කොම ප්‍රශ්න ටික මෙතෙන්ට දාලා තියෙනවා. දැන් ගිය අවුරුද්දේ විදුලි කප්පාදුවක් වුණා සමනල වැව. මොකක්ද? සමනල වැව හිඳුනා. හරි. මොකද හේතුව? හම්බන්තොටට ගහන්න ගිය එක නිසි කාලෙදි ඉවර කලේ නෑ. මීටර් පොඩි ගානක ප්‍රශ්නයක් මත අවුරුදු තුනක් පාඩු කළා. රටට කොච්චර පාඩු උනාද? ගොවියන්ට කොච්චර පාඩු උනාද? ලංකා විදුලිබල මණ්ඩලයේ එක බාරව හිටපු ඉංජිනේරුවට ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද? කීදෙනෙක්ට මෙහෙම වෙලා තියෙනවද? මේ ඔක්කොම අන්තිමට යනවා මහජනයා පිටින්. ඉතින් ඒක නිසා කරුණාකරලා ඔවුන්ට කේ. පී. අයි. අඳුන්නලා දීලා ඔවුන්ටත් දෙන්න ඉලක්කයක් බිලියන මෙච්චර ගානක් ඉතුරු කරන්න. එහෙම වුනොත් තමයි ඒගොල්ලෝ වැටුප් වර්ධක ලැබෙන්නේ කියලා. එහෙම නැතුව ඒගොල්ලන්ගේ බලය පාවිච්චි කරලා ඒ කටයුත්ත කරන්න දෙන්න එපා. අනාගතය පුරෝකථනය කරලා විදුලි බිල් ගහන්න බෑ. බදු ගහන්න බෑ. අතීතයේ තත්ත්වය බලලා ඒ සහනය ලබා දීලා, ආර්ථිකයත්, අපේ ජනතාවත් ගලවගන්න කියලා ඔබතුමාලගෙන් ඉල්ලා හිටිනවා.”මහජන උපයෝගීතා කොමිෂන් සභාව හමුවේ අදහස් පල කිරීමෙන් අනතුරුව, මාධ්‍ය අමතමින් විශේෂ ප්‍රකාශයක් කළ පාඨලී චම්පික රණවක මහතා;“අපි කෙලින්ම කියන්න ඕනේ මේ ලංකා විදුලිබල මණ්ඩලය ගිය අවුරුද්දේ 2024 ඉදිරිපත් කරපු ඉලක්කනුත් බොරු. මේ දෙදාස් විසිපහට ඉදිරිපත් කරලා තියෙන ඉලක්කනුත් බොරු. එකම වෙනස තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සුන්ගේ කාලේ මේ බොරුව ආපු එකයි. දැන් මේ ජනාධිපති අනුර, මේ අගමැති හrini මේ සියලු දෙනාම, ඒ වගේම විශේෂයෙන්ම නලින්ද ජයතිස්ස ඇමතිතුමා, පසන් සමරසිංහ ඇමතිතුමා, ගිය අවුරුද්දේ ඇවිල්ලා මෙතන්ට ඇවිල්ලා මොකද්ද කිව්වේ? 35% kin විදුලි බිල අඩු කරනවා කියලා කිව්වේ. ජනාධිපති බොහොම පැහැදිලිව කිව්වා තුනෙන් එකකින් විදුලි බිල අඩු කරනවා කියලා. දැන් ඒක අමූලික අසත්‍යයක්, බොරුවක් බවට පත්වෙලා තියෙනවා. දැන් අපි ඉල්ලන්නේ එක දෙයයි. පසුගිය 2023/24 අවුරුදු දෙකේ දැවැන්ත ලාභයක් ලබලා තියෙනවා. ඒ දැවැන්ත ලාභය කොච්චරද කියනවා නම් ඒ අවුරුදු දෙකේ ආපු කෑෂ් ෆ්ලෝ එකත් එක්ක, ඒ කියන්නේ ක්ෂය වීමෙන් එකතු වෙච්ච එකත් එක්ක රුපියල් බිලියන දෙසිය හැත්තෑවකට ආසන්නයි. සෑම විදුලි පාරිභෝගිකයෙක්ගෙන්ම රුපියල් 33,000 ක් උදුරගෙන තියෙනවා. ඒක කරුණාකරලා රටට දෙන්න. කර්මාන්ත බේර දුගී ජනතාව බේරගන්න කියලා අපි කියන්නේ.අද වෙන්නේ මොකක්ද? ඇත්තටම වෙන්නේ මොකක්ද? ගිය ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව පට්ට ගැහුවා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවෙත් පාලකයා. ක්රිස්ටිලීනාම තමයි. අයි එම් එෆ් ප්‍රධානියා. අනුර දිසානායක, අනුර හරිනි ආණ්ඩුවෙත් ප්‍රධානියා, ක්රිස්ටිලීනාම තමයි. දැන් ක්රිස්ටිලීනාට ඕන විදිහට ලයිට් බද්ද ගහලා තියෙන්නේ. ඒ නිසා මම ඉල්ලනවා මේ රටේ විදුලි පාරිභෝගිකයන්ගෙන් අනුර හරිනි ආණ්ඩුවේ ලයිට් බද්දට විරුද්ධව නැගිටින්න. අනුර හරිනි ආණ්ඩුවේ බද්ද රු.120 ක පෙට්‍රල් ලීටරයකට ගහන බද්දට විරුද්ධව නැගිටින්න. අපි ත්‍රීවිල් සහෝදරවරුන්ට කියනවා ඔය තොරොම්බල් අයින් කරගන්න. හැබැයි පෙට්‍රල් බද්දට විරුද්ධව නැගිටින්න. ඒ වගේම ඩීසල් බද්ද රුපියල් අනූවක් අනුර හරිනි ආණ්ඩුවේ. ඒකට විරුද්ධව නැගිටින්න. බස්, බස් හිමිකරුවෝ. එහෙම නැතුව මේ තොරොම්බල් වලට නැගිටින්න එපා. ඇත්ත කතාව ඒකයි. ඒක නිසා මේ රටේ මේ ලයිට් බද්ද, මේ තෙල් බදු, ඩීසල්, පෙට් රල් බදු වලට එරෙහිව මහජනයා නැගිටිය යුතුයි. මොකද මහජනයාට ඒ සහන දෙන බව කියලා තමයි මේ ආණ්ඩුව ආවේ දැන් මේ ආණ්ඩුවත් ක්රිස්ටිලීනාට ඕන විදිහට රට කරගෙන යනවා. ඒකේ අපිට ප්‍රශ්නයක් නෑ. ඇත්ත කියන්න. අපිට මෙහෙම කරන්න බෑ. ක්‍රිස්ටිලීනා තමයි අපේ පාලකයා. එතුමිය කියන විදිහට අපිට මේවට බදු අය කරන්න ඕනයි කියන ඇත්ත කියලා වැඩ කරන්න. එහෙම නැත්නම් අර තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු ඇත්ත දේශපාලනයේ තිත්ත මිනිස්සු වෙන දවස වැඩි ඈතක නෑ. අනුර කුමාර දිසානායක තිත්ත දේශපාලනයේ ඇත්ත ජනාධිපති; හරිනි, නලින්ද, වසන්ත තමන්ට දැනුමක් නැත්නම් දැනුම නැහැයි කියන්න. මහජනයා නොමග යවන්න එපා.ප්රශ්නය:කොමිෂන් වලට ඔබතුමන්ලා මීට ඉස්සෙල්ලත් කරුණු ඉදිරිපත් කරනවා. නිර්දේශ ඉදිරිපත් කරනවා. යෝජනා ඉදිරිපත් කරනවා. ඒවා කොහොමද ඉෂ්ට වෙලා තියෙන්නේ?පිළිතුර:නෑ ඇත්තටම කොමිසම ගියා යම්කිසි සහනයක් අපේ ජනතාවට දුන්නා. මුල වතාවේ මාර්තු මාසේ ලංකා විදුලිබල මණ්ඩලය කිව්වේ 3% කින් විතරයි අඩු කරන්න පුළුවන් කියලා. නමුත් කොමිසම 22% කින් අඩු කළා. එහෙම වුණයි කියලා ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලැබුවේ නෑ. ඊළඟට දෙවෙනි අවස්ථාවේදී ඔවුන් කිව්වේ 4% කින් විතරයි අඩු කරන්න පුළුවන් කියලා. ඒ අවස්ථාවේදීත් 22% කින් අඩු කළා. ඒ වුණයි කියලත් ලංකා විදුලිබල මණ්ඩලයේ ලාභය මේ කිසි විදියකට පාඩු ලැබුවේ නෑ. ඉතින් ඒකෙන් පේනවා ලංකා විදුලිබල මණ්ඩලයේ ඉලක්කම් බොරු කියලා. දැන් මේ පාඩුයි පාඩුයි කියලා විදුලිබල මණ්ඩලය හැමදාම ජනතාව මත නෙමෙයි බර පටවන්නේ. නෑ ඒක තමයි ඒක. ඒ ඒවා පාඩු නෑ. ලංකා විදුලිබල මණ්ඩලය ලාභයි. ඊයේ ඇමතිතුමා කිව්වා බිලියන් 322 ක ණයක් තියෙනවා කියලා. අපි අද පෙන්නලා දුන්නා ලංකා විදුලිබල මණ්ඩලයේ තිබිච්ච පැරණි ණය කොහොමද මහා භාණ්ඩාගාරයේ ගත්තේ කියලා. ඒ බිලියන 332ට ගෙවන්න ඕනේ එකක්. බොහොම පැහැදිලිව මේ විදුලි ගාස්තුවලට ඇතුල් කරලා තියෙන්නේ. ඒ නිසා මහජනයා නොමඟ යවන්න කියලා. මොකද මේ අයට තමන්ට දැනුමක් නැත්නම් දැනුම නැහැයි කියන්න. මහජනයා නොමඟ යවන්න එපා.විගණන විමසුමක් තියෙනවා. ඒ විගණන විමසුමේ තියෙනවා විදුලිබල මණ්ඩලය තමන්ගේ අය ක්‍රමය හරහා මේ සියල්ල ඇතුලත් කරලා තමයි අය ක්‍රමය හදලා තියෙන්නේ. ඒක නිසා මේ දැන් ඉදිරිපත් කරලා තියෙන ඉලක්කම් වැරදියි. අපි කියන්නේ අනාගතය ගැන අපි කාටවත් විදුලිබල මණ්ඩලයටවත්, අපි කාටවත් කියන්න බැහැ. ඒ ක්‍රමය හදාගන්න කොට හදාගන්නේ අතීතය ගැන බලලා, අතීතයේ ඇත්තටම සිද්ධ වෙච්ච දේ බලලා, ඇත්තටම ලාභය පෙව්වා නම්, ඒක සහනය දෙන්න ඕනේ. මේ ඉදිරි හය මාසෙදි ලංකා විදුලිබල මණ්ඩලය පාඩු වුණොත් ඒ පාඩුව ඊළඟ අය හදා ගනිද්දි කරන්න පුළුවන්. ඒකයි වෙන්න ඕන දේ.ඉතින් ඒකයි අපි එතනදි අවධාරණය කරන්නේ. දැන් ආණ්ඩුව කියන්නේ කිසිම පොරොන්දුවක් වුන්නෑ නිශ්චිත කාලවානු වකවානුවකදී විදුලි මිල අඩු කරනවායි කියලා. කොහෙවත් පොරොන්දු වුන් නැහැයි කියලා කියන්නේ. බොහොම පැහැදිලිව මෙතනට ආවනේ නලින්ද ජයතිස්ස මහත්තයා ගිය අවුරුද්දේ. වසන්ත සමරසිංහ මහත්තයා ඔබතුමාලට මොනවද කිව්වේ. 35% කින් අඩු කරනවා කියලනේ කිව්වේ. එතකොට ජනාධිපතිතුමා මේක ඉලක්කම් වලින්ම කිව්වනේ. රු. 9,000 බිල 6,000 කරනවා කියලා. 3000 බිල 2000 කරනවා. මේ අනුර කුමාර දිසානායක තිත්ත දේශපාලනයේ ඇත්ත ජනාධිපතිනේ ඒවා කිව්වේ.*ඇත්ත මිනිස්සු බොරු කරනකොට මහජනයා නිකම් ඉන්නෙ නෑ*ප්රශ්නය: නමුත් ඔවුන් කියන්නේ දැන් තව කාලයක් යනවා අපි කාල සීමාවක් කිව්වේ නැහැයි කියලා.පිළිතුර: කාල සීමාව කියන්නේ මහජනයාට වහාම අඩු කරනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. ඒගොල්ලන්ට අපි කියනවා ගන්න යහපාලන ආදර්ශය. යහපාලනය මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කිව්වා අපි තෙල්වල මිල අඩු කරනවා කියලා. අපි අඩු කරලා පෙන්නුවා. රු.157 ට තිබිච්ච පෙට්‍රල් 117 ට ගෙනාවා. 137 ට තිබිච්ච ඩීසල් අපි රු. 95 ට ගෙනාවා. ලංකා විදුලිබල මණ්ඩලය බිලියන 45 ක් පාඩුයි කිව්වා. අපි බිලියන 20 කින් ලාභ පෙන්නුවා. නොහැකියාව කියන්නේ. එහෙම නැත්නම් තමන්ට මේ කටයුත්ත කරන්න බෑ කියලා කියන්න මිනිස්සු යළි නොමඟ යවන්න එපා. මතක තියාගන්න මිනිස්සු ඕවට සමාව දෙන්නේ නෑ. ප්රශ්නය: මේ ආණ්ඩුව මිල සූත්‍රයක් විශ්වාස කරන්නේ නෑ?පිළිතුර: මිල සූත්‍රයක් දාලා තියෙනවානේ. ඉතින් ඒ මිල සූත්‍රය තියෙනවානේ. බොහොම පැහැදිලිව බදු. බදු ටික බොහොම පැහැදිලිව ඒ මිල සූත්‍රයෙ තියෙනවා 14% ක ලාභයක් තියෙනවා. 4% ක කොමිෂන් එකක් තියෙනවා අදාළ තෙල් බෙදුම්කරුවන්ට. ඒවා කවදද තිබිච්ච දේවල්. කමක් නෑ. හැබැයි මේ කියන්න එපා මේ කාංචන විජේසේකර පගා ගන්නවා. ඒක නිසා අපිට කොරන්න බෑ කියලා. ඒ වගේ බොරු කියන්න එපා. ඇත්ත කියන්න. බදු ඕනේ. රට ගෙනියන්න. අපිට මේ දීලා තියෙන ඉලක්ක වලට අපිට බිලියන හාරදාස් පන්සීයකට වැඩිය ඕනේ මේ අවුරුද්දේ කරගෙන යන්න. ඒක කියන්න. ඒක කිව්වම අපි ඒකට එකඟ වෙන්නම්. ඒක තමයි ඇත්ත. ඒ නිසා මේ ඇත්ත මිනිස්සු බොරු කරනකොට මහජනයා නිකන් ඉන්නේ නෑ. ඒකයි මම කිව්වේ මහජනයාට දැන් මේ අනුර හරිනිගේ බද්දට විරුද්ධව නැගිටින්න කියලා.*අද රහස් පොලීසිය යොදාගෙන තියෙන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීලගෙ පුද්ගලික ප්‍රශ්න විසඳන්න.*ප්රශ්නය: දැන් එතකොට කොහෙද ගිහින් තියෙන්නේ අර කොමිස් ගහපු අය?පිළිතුර: ඒක අපි දන්නේ නැහැ. එක එක හොයන්න එපැයි. දැන් ඒගොල්ලන්ට තියෙන්නේ මේ අද රහස් පොලීසිය යොදාගෙන තියෙන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීලගෙ පුද්ගලික ප්‍රශ්න විසඳන්න. රහස් පොලිසිය ආවේ, පාස්කු ප්‍රහාරය, තජුඩීන් ඝාතනය වැනි මේවා හොයන්න තමයි ආවේ. ශානි අබේසේකර මහත්තයලා ආවේ ඒකට. නමුත් අද කරන්නේ, මේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීතුමන්ලාගෙ, මන්ත්රීතුමියන්ලාගෙ, පුද්ගලික ප්‍රශ්න විසඳන්න යොදා ගන්න. දැන් බලන්න තෙල් සංස්ථාවේ සභාපතිගේ පඩිය හයලක්ෂ ගාණක් කියලා පුද්ගලයෙක් සාකච්ඡාවක් කළාම, එතන ඉන්න විනය පරීක්ෂණ කරනවා ඒක පිට වුණේ කොහොමද කියලා. ඇඟළුම් කම්හලකට ගියාම පොඩි විරෝධයක් පළ කරහම මහජනයා එතන ඉන්න මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්නවා. මුළු පහුගිය අවුරුදු හැටක ඉතිහාසයේ ජනතා විමුක්ති පෙරමුණ කොච්චර විරෝධතා කරන්න ඇත්ද? කීයක් පිට කරන්න ඇත්ද? ඒ පිට කරපු කොච්චර ගානක් පාර්ලිමේන්තුවේ හා පිටත ප්‍රකාශ කරන්නෙ නැද්ද? ඒ හැම එහෙකටම සී. අයි. ඩී. ගියා නම් මිනිස්සු ඒ කාලේ හිටපු පාලකයෝ, ඇමතිලා කොච්චර දේවල් වෙන්න පුලුවන්ද? මම කියන්න ඕනේ ඔය ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිය. හරි, ලංකා විදුලිබල මණ්ඩලය අපි හදාගෙන එනකොට දෙදාස් පහළවේ, අපට බාධා කරලා, උද්ඝෝෂණය කරලා, වර්ජන කරපු අය. වැදගත් සභාපතිවරු එලවන්න, වර්ජනය කරපු අය. ඕගොල්ලෝ කවදාක්වත් ඕක ගොඩනඟන්න කටයුතු කරපු අය නෙමෙයි. ඉතින් කොහොමහරි දැන් මේගොල්ලන්ට වරමක් ලැබුණා. ඒ වරම අනුව ඒ ඇත්තෝ ක්‍රියා කරයි කියලා අපි හිතනවා.






















