Thursday, November 12, 2026
HomeNEWSවිදුලි වෘත්තීය සමිතිවලින් රතු එළියක්

විදුලි වෘත්තීය සමිතිවලින් රතු එළියක්

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය සම්බන්ධයෙන් රජය අමෙරිකාව සමඟ අත්සන් කර ඇති ගිවිසුම අවලංගු නොකරන්නේ නම් ඉදිරියේ දී දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි වෘත්තීය සමිති පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේ, ලබන 03 වන දින දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට මේ වන විටත් සැලසුම් කර ඇති බවය.

ඊට පෙර රජය අදාළ ගිවිසුම අවලංගු කිරීමට පියවර ගත යුතු බව රංජන් ජයලාල් මහතා සඳහන් කළේය.

“පක්ෂ 11ක නායකයෝ අපිට පොරොන්දු වුණා ඉදිරියේ දී වෘත්තීය සමිති එක්ක සමගාමි ක්‍රියාමාර්ගවලට යනවා කියලා. නොවැම්බර් 3 අපේ සේවකයෝ කොළඹට එනවා. එදාට ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපිට රොද බඳිනවා. විදුලිබල මණ්ඩලයේ සියලු රෙජිමේන්තු ජාතික විරෝධතා දිනයක් බවට තුන්වනදා පත්වෙන එක වළක්වන්න ආණ්ඩුවට බෑ. එකක් පුළුවන්. පුළුවන් නම් තුන්වෙනිදාට කලින් ගිවිසුම හෙළිදරව් කරන්න. වහාම ඉල්ලා අස්කර ගන්න. තුන්වෙනිදායින් පස්සේ මුළු රටම අඳුරට පත්වෙන වැඩවර්ජනයකට අපි යනවා. ඉස්කෝල වැහුවා වගේ නෙමෙයි තෙල් වරාය විදුලි කියලා කියන්නේ, මරමස්ථාන තුනක්. ඒ ආයතන තුනෙන් එකක් බැස්සත් අනෙක් ඔක්කෝම ඇණහිටිනවා. මාධ්‍ය ආයතන ඔක්කෝම වැටෙනවා. රූපවාහිනි නෑ. ගුවන්විදුලිය අහන්න බෑ. අඩුම තරමේ ගෙදර තියෙන ජෙනරේටරයවත් පණගැන්වීමට බැරිතැනකට තත්ත්වකට පත්වුණාම තමා අපි වැඩවර්ජනය කරන්නේ. එන්නේ නෑ ගිවිසුම හකුළගන්නකල්. නම්බු පිටින් ගිවිසුම හකුළා ගන්න ඊට කලින්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img