Wednesday, June 3, 2026
HomeNEWSවිදෙස්ගත ශ්‍රමිකයින් සඳහා රක්ෂණ ක්‍රමයක්

විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා රක්ෂණ ක්‍රමයක්

ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයින් සඳහා යෝග්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට කම්කරු අමාත්‍යවරයා ගෙන ආ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය එකඟතාව දී තිබේ.

ශ්‍රී ලංකික විගමනික ශ්‍රමිකයින් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදෙස් ශ්‍රමික රක්ෂණ ආවරණයක් සලසා ඇත.

එමගින් මරණයකදී රුපියල් 600,000ක හා පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වීමේදී රුපියල් 400,000ක උපරිමයකට යටත්ව වන්දි ගෙවනු ලබයි.

නමුත් විගමනික ශ්‍රමිකයින්ට වැඩ බිම්වලදී සිදුවන නොයෙකුත් කාර්මික සහා ගෘහස්ත අනතුරු, විවිධ රෝගාබාධ මෙන්ම හාම්පුතුන්ගෙන් සිදුවන පීඩාවන් සහ හිරිහැර හේතුවෙන් ඇතිවන මානසික සහ සෞඛ්‍ය ගැටලු සඳහා කිසිදු ආවරණයක් එමගින් නොලැබෙන බව කම්කරු අමාත්‍යංශය පවසයි. 
   
එම කරුණු ද ආවරණය වන පරිදි කම්කරු අමාත්‍යවරයා විසින් එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු...

වසර 12කට පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයට… ඇමති විජිතට ඉහළ පිළිගැනීමක්

අමාත්‍ය විජිත නවසීලන්ත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු අඩකට වැඩි පිරිසක් මුණගැසීමට නියමිතයි.2014න් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කරන පළමු සංචාරය. නවසීලන්ත සංචාරය තුළින් දෙරට...

වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාව සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සජබට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img