Sunday, September 6, 2026
HomeNEWSLatest Newsවිදේශිකයින්ට සංචාරය කිරීමට ඇති ආරක්ෂාකාරි සහ සුදුසුම රට බවට ශ්‍රී ලංකාව පත්කරනවා......

විදේශිකයින්ට සංචාරය කිරීමට ඇති ආරක්ෂාකාරි සහ සුදුසුම රට බවට ශ්‍රී ලංකාව පත්කරනවා……

විදේශිකයින්ට සංචාරය කිරීමට ඇති ආරක්ෂාකාරි සහ සුදුසුම රට බවට ශ්‍රී ලංකාව පත්කරනවා……

කොවිඩ් අවදානම පහව ගිය පසු විදේශිකයින්ට සංචාරය කිරීම සඳහා තිබෙන ආරක්ෂාකාරි සහ සුදුසුම රට බවට ශ්‍රී ලංකාව පත්කරනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කළුතර දිස්ත්‍රික්කයේ, අගලවත්ත ප්‍රදේශයේ අද(2020.07.10) පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා ඇතුළු රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා සහයවීම ජනතාවගේ වගකීමක් බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය අංශ විසින් ලබාදී තිබෙන නීතිරීති අනුව කටයුතු කරන ලෙස ද සිහිපත් කළේය. 

හැටනම ලක්ෂයක මනාපයෙන් අනුමත කෙරුණු සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාවට නැංවීම සඳහා ජනාධිපතිවරයාට අවශ්‍ය සහය ලබාදීය හැකි ආකාරයේ පාර්ලිමේන්තුවක් බිහිකිරීම ජනතාවගේ යුතුකමක් බව ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

ජනතාවගේ ජීවිත ආලෝකමත් කළ හැකි ආකාරයේ  සංවර්ධන සැලැස්මක්  ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත්තේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණක් බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img