Saturday, October 24, 2026
HomeNEWSLatest Newsවිදේශිකයින්ට සංචාරය කිරීමට ඇති ආරක්ෂාකාරි සහ සුදුසුම රට බවට ශ්‍රී ලංකාව පත්කරනවා......

විදේශිකයින්ට සංචාරය කිරීමට ඇති ආරක්ෂාකාරි සහ සුදුසුම රට බවට ශ්‍රී ලංකාව පත්කරනවා……

විදේශිකයින්ට සංචාරය කිරීමට ඇති ආරක්ෂාකාරි සහ සුදුසුම රට බවට ශ්‍රී ලංකාව පත්කරනවා……

කොවිඩ් අවදානම පහව ගිය පසු විදේශිකයින්ට සංචාරය කිරීම සඳහා තිබෙන ආරක්ෂාකාරි සහ සුදුසුම රට බවට ශ්‍රී ලංකාව පත්කරනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කළුතර දිස්ත්‍රික්කයේ, අගලවත්ත ප්‍රදේශයේ අද(2020.07.10) පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා ඇතුළු රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා සහයවීම ජනතාවගේ වගකීමක් බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය අංශ විසින් ලබාදී තිබෙන නීතිරීති අනුව කටයුතු කරන ලෙස ද සිහිපත් කළේය. 

හැටනම ලක්ෂයක මනාපයෙන් අනුමත කෙරුණු සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාවට නැංවීම සඳහා ජනාධිපතිවරයාට අවශ්‍ය සහය ලබාදීය හැකි ආකාරයේ පාර්ලිමේන්තුවක් බිහිකිරීම ජනතාවගේ යුතුකමක් බව ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

ජනතාවගේ ජීවිත ආලෝකමත් කළ හැකි ආකාරයේ  සංවර්ධන සැලැස්මක්  ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත්තේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණක් බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්,...

මාලිමාවට කඩේ යන මුස්ලිම් ඩයස්පෝරාවකුත් ඉන්නවා- නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්

මාලිමා ආණ්ඩුවට කඩේ යන දෙමළ ඩයස්‌පෝරාවක් වගේම මුස්ලිම් ඩයස්පෝරාවකුත් සිටින බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස් මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img