Sunday, November 8, 2026
HomeNEWSවිපක්ෂයේ දේශපාලන පක්ෂ අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

විපක්ෂයේ දේශපාලන පක්ෂ අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

“පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුවේ උත්සාහය” පරාජය කිරීමට එක්ව කටයුතු කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ අද (20) අවබෝධතා ගිවිසුමකට එළඹුණි.

ඒ පසුගියදා විපක්ෂයේ සියලු පක්ෂ රැස්ව ඒකමතිකව සම්මත කරගන්නා ලද යෝජනාවක් අනුවය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දැමීමේ ආණ්ඩුවේ ප්‍රයත්නයන් පරාජය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාමුව තුළ ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් එම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබේ.

නිදහස ජාතික සභාව මෙය සංවිධාන කළ අතර ජාතික ජන බලවේගය හැර විපක්ෂයේ සියලු පක්ෂවල නියෝජිතයින් පාර්ලිමේන්තු කමිටු කාමරයක පැවති මෙම සාකච්ඡාවට සහභාගී වුණි.

එම පක්ෂවලට අමතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයද මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබේ.

මෙහිදී අදහස් දැක්වු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දැමීම උදෙසා රජය විසින් දරනු ලබන ප්‍රයත්නයන් පරාජය කිරීමට රටේ පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාමුව තුළ ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නියෝජනය කරන විපක්ෂයේ පක්ෂ විසින් ඒකමතිකව යෝජනා සම්මත කරන ලදී.”

ගිවිසුම ට අත්සන් තැබූ සාමාජිකයින් පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img