Wednesday, November 11, 2026
HomeNEWSවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනය-ඉතිහාසයේ දරුණුම සාගර විනාශය සිදුව...

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනය-ඉතිහාසයේ දරුණුම සාගර විනාශය සිදුව තිබේ.චූදිතයින්ට දඬුවම් දෙනු

“සාගර ජීවිතය සහ ජීවනෝපාය”යන්න තේමාකොටගනිමින් ‘ලෝක සාගර දිනය’ අදට යෙදී තිබේ. වසරකට මිනිසුන් බිලියන ගණනක් පෝෂණය කිරීම, ඔක්සිජන් නිෂ්පාදනය කිරීම, දේශගුණය පාලනය කරීම ,පෘතුවිය නැමති ග්‍රහලෝකයේ තිරසර පැවැත්ම උදෙසා අතිමහත් දායකත්වයක් සැපයීම සාගර වෙතින් නිහඬවම සිදුවන මෙහෙවරකි.

එහෙත් අපේ මුහුදු කලාපයට ඉතිහාසයේ විහිසුණුම සාගර විනාශය සිදුවෙන අතරේ ලෝක සාගර දිනය සමරන්නට සිදුව තිබේ. ආසන්න දින දෙකකදී දැවැන්න නෞකා දෙකක් විනාශ වී දශක ගණනාවකට පිලිසකර කරන්නට නොහැකි විනාශයක් අපේ රටේ සාගරයට සිදුවීමත් සමඟය.

1.පර්ල් නෞකාව ගිනි ගැනීමෙහි අතුරුපල මේ වනවිටත් ලැබෙමින් පවතී.සාගරය සිය නිවස්නය කරගත් දුර්ලභ කැස්බෑවුන්ගේද,ඩොල්පින් මතස්‍යයින්ගේද මියගිය සිරුරු වෙරළ තීරයට ගොඩගැසූ තත්ත්වයක් උද්ගතව තිබේ.

2.එහි තිබූ නයිට්‍රික් ඇසිඩ් (Nitric acid) ටොන් 25ක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486ක් ඇතුළු බොහෝ රසායනික ද්‍රව්‍ය අපේ සාගරය දූෂණය කොට තිබේ.ඒ් විනාශයේ තරම සාගරයෙන් නොනැවතී, මධ්‍ය කදුකරේ වැසි වනාන්තරවල ජීවීන්ට පවා ඝෘජු බලපෑමක් එල්ල කරයි.

3.මෙවන් විනාශයකට මඟ පෑදූ නෞකාව මෙරට මුහුදු තීරයට පැමිණියේ කෙසේද කියා තවමත් ආණ්ඩුව හෝ වගකිවයුතු කිසිවෙක් රටට පිළිතුරක් දී නැත.

4 අපරාධ නීතිය සම්බන්ධ වරදක් යටතේ නෞකාවේ කපිතාන්වරයාට එරෙහිව නඩු පැවරිය හැකි නමුත් තවමත් ඒ් පිළිබඳව විධිමත් වැඩපිළිවෙලක් නැත.

5.නෞකාව මෙරටට ඇතුළුවීමට අදාළව නෞකාවේ කපිතාන්වරයා විසින් දේශීය නියෝජිත සමාගම වෙත යොමු කරන ලද e-mail පණිවිඩ කීපයක් එම ආයතනයේ සේවය කරන පුද්ගලයෙකුගේ මෙහෙයවීමෙන් මකා දමා ඇති බව වාර්තා වේ.

6.සාමුද්‍රීය නීති විශාරදයන් පෙන්වා දෙන පරිදි මෙවැනි විපත් වලට මැදිහත්වීමට අදාල දේශීය නීති ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව යාවත්කාලීන කර නොමැති වීමත් ශ්‍රී ලංකාවට පාඩු ගෙන දීමට හේතු වී තිබේ.

7.මේ අදහාගත නොහැකි ව්‍යසනය පිළිබඳව රජය මොනතරම් වගකීමකින් සහ බරපතල ලෙස කටයුතු කරන්නේද යන්න පිළිබඳව සමස්ත ශ්‍රී ලාංකික පුරවැසියන් නෙත් දල්වා බලා සිටින බව අවධාරණය කරමි.මෙම කුරිරු අපරාධයේ සියලු චූදිතයින්ට එරෙහිව අපක්ෂපාතී, විනිවිදභාවයකින් යුක්ත නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුබවද අවධාරණය කරමි.

8.විශේෂයෙන්ම සාගර විනාශයට එරෙහිව ඉතා දැඩි නීති ගෙන ආ යුතු බවත්,පවත්නා යල්පැනගිය නීති වහාම සංශෝධනය කළ යුතු බවත් මේ මොහොතේ සිහිපත් කරමි.

එය විනාශ කරන්නට දැනුවත්ව හෝ නොදැනුවත්ව දායක වන්නේනම් ඒ් මිහිතලයේ විනාශයට දායක වීමක් සේ සැලකිය යුතුය. පෘතුවි තලයෙන් 70%ක් ම වැසී පවතින්නේ සාගරයෙන් වන අතර එය සුරක්ෂිත කිරීම හදවත සුරක්ෂිත කිරීමක් සේ සැලකීම අවශ්‍යයෙන්ම සාධාරණය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img