රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් පැලවත්ත ඉසුරුපාය ඉදිරිපිට දී අද (31) උදෑසන උද්ඝෝෂණයක් පැවැත්වීමට සුදානමින් සිට ඇත.
එම අවස්ථාවේ දී අමාත්‍යාංශය වෙත පැමිණෙමින් සිට අමාත්‍යවරයා එම පිරිස දැක ඔවුන් වෙත ගොස් තිබුණි.
පසුව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා එම උද්ඝෝෂකයින්ට සිට කාර්යාලය වෙත පැමිණෙන ලෙස ආරාධනා කර තිබේ.
දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොකරන ලෙසත් කැබිනට් පත්‍රිකාවක් මඟින් රැකියා විරහිත උපාධිධාරීන් සඳහා ගුරු පත්වීම් සඳහා ඉල්ලීමේ අවස්ථාව ලබාදෙන බවත් මෙහිදී ඇමැතිවරයා ඔවුන්ට පවසා ඇත.
“කී දෙනෙක් ඉන්නවා ද ඔයාලගේ යූනියන්වල. ආ ඔය පස්දෙනා යන් ඇතුළට. අනිත් අය ගෙදර යන්න. දැන් ප්‍රශ්නේ ඉවරයි නේ. මෙතෙන මේ ළමයිනේ අධ්‍යාපනය කරන තැනක්. ඔයා මාව හම්බුණා ද? එන්න මාත් එක්ක යන් පස්දෙනා. අද කැබිනට් පේපර් එක පාස් කරනවා. මාස අන්තිමට විභාග කොමසාරිස් විභාගය තියයි. ඔයාලා විභාගයට පෙනී සිටින්න. එච්චරනේ. මම වැඩේ ඉවර කරලා දෙන්නම් ඔයගොල්ලෝ දැන් ගෙදර යන්න.”






















