Monday, August 31, 2026
HomeNEWSවිවිධ පුද්ගලයින්ගේ හැඳුනුම්පත් සොරකම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

විවිධ පුද්ගලයින්ගේ හැඳුනුම්පත් සොරකම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

විවිධ පුද්ගලයින්ගේ හැඳුනුම්පත් සොරකම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

විවිධ පුද්ගලයින්ගේ හැඳුනුම්පත් භාවිත කරමින් බැංකු ගිණුම් විවෘත කර, ඒ තුළින් අන්තර්ජාලයෙන් භාණ්ඩ අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අලෙවි කළ භාණ්ඩයේ මුළු වටිනාකමින් කොටසක් අදාළ බැංකු ගිණුම්වලට යොමු කිරීමෙන් අනතුරුව සැකකරු එම මුදල් ලබාගෙන බැංකු ගිණුම් අක්‍රීය කරනු ලබන බව අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් 29 හැවිරිදි නාත්තණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ඊයේ (30) වැලිගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ ඒ මහතා,

“එක්තරා පුද්ගලයෙකු විසින් අන්තර්ජාලය තුළ විවිධාකාරයේ දැන්වීම් පළකර තිබුණා භාණ්ඩ විකිණීම් සිදුකරන බවට. විශේෂයෙන්ම නූතන සංගීත භාණ්ඩ ඕගං, පියානෝ වැනි සංගීත භාණ්ඩ ඒ වගේම ඇපල් පරිගණක සහ අයි පෑඩ් පරිගණක. මේවා විකිණීමට තිබෙන බවත් ඒවා ඉතා ඉක්මනින් විකිණීමට ඉතා අඩුමුදලකට ලබාදෙන බවත් සඳහන් කරමින් මෙම දැන්වීම් පළකර තිබුණා. එමෙන්ම එම දැන්වීම්වලට අන්තර්ජාලය හරහා ප්‍රතිචාර දක්වන පිරිස්වලට වහාම අත්තිකාරම් මුදලක් දමන ලෙසට මෙම පුද්ගලයා විසින් දැනුම් දෙනවා. ගිණුම් අංකයක් ද ලබාදීමක් සිදුකරනවා. එම අත්කිකාරම් මුදල තැන්පත් කළ විගස අදාළ පුද්ගලයා එම ගිණුම අවසන් කර ණය කාඩ් පතකින් මුදල් ලබා ගැනීමක් සිදුකරනවා. මේ ආකාරයට පුද්ගලයින් ගණනාවකට මේ පුද්ගලයා මුදල් වංචා කර තිබුණා. මෙම පුද්ගලයා විසින් දිනකට රුපියල් 10,000 සහ 20,000 ආදී ලෙස අත්අකාරම් මුදල් ලබාගෙන තිබෙනවා. මෙම පුද්ගලයා විසින් ආරම්භ කර ඇති ගිණුම් විවිධ පුද්ගලයන්ගේ හැඳුනුම්පත් සොකරම් කරමින්, විවිධ පුද්ගලයන්ගේ හැඳුනුම්පත්වල අංක භාවිත කරමින් ආරම්භ කර ඇති ගිණුම් බවට අනාවරණය වී තිබෙනවා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...

ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img