Thursday, October 29, 2026
HomeNEWSවිශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ගැටලු විසඳීමට විශේෂ මහජන දිනයක්

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ගැටලු විසඳීමට විශේෂ මහජන දිනයක්

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ මහජනතාව මුහුණපා සිටින ගැටලු හා දුක්ගැනවිලි සෘජුව ඉදිරිපත් කර, ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම් ලබාගැනීමට අවස්ථාව සලසමින් විශේෂ මහජන දිනයක් පවත්වා තිබේ.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මහජන දිනය ඊයේ (17) කොළඹ පිහිටි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

ආරක්ෂක අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල මැදිහත්වීම අවශ්‍ය වන කරුණු සඳහා කඩිනම් අවධානය යොමු කරමින්, ඒවාට විසඳුම් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ.

එහිදී මහජනතාව, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් තමන් මුහුණපා සිටින විවිධ ගැටලු සහ දුක්ගැනවිලි නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත සෘජුව ඉදිරිපත් කර තිබේ.

එම කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

මෙම අවස්ථාව සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්, ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් වැටුප් හා ලේඛන භාර නිලධාරීන්, යුද්ධ හමුදා රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය භාර නිලධාරීන් ද සහභාගි වී තිබේ.

මහජනතාව සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසින් ඉදිරිපත් කළ ගැටලු සඳහා අවශ්‍ය මැදිහත්වීම් සහ විසඳුම් ලබාදීමට එම නිලධාරීන් සහාය වී ඇත.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ගැටලු ඉදිරිපත් කළ අවස්ථාවේදීම අදාළ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් විසඳුම් ලබාදීමේ අරමුණින් මෙවැනි වැඩසටහනක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img