Wednesday, November 11, 2026
HomeNEWSවිශ්වවිද්‍යාල පනත සංශෝධනය කරමින් පනත් කෙටුම්පතක් ගැසට් කෙරේ

විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරමින් පනත් කෙටුම්පතක් ගැසට් කෙරේ

1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරමින් සංශෝධන පනත් කෙටුම්පතක් ගැසට්කර තිබේ.

එහෙත් එම පනත් කෙටුම්පත සම්මතවීමට ඉඩ නොතබන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ ජාතික ජනබලවේගය අවධාරණය කරයි.

1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරමින් සංශෝධන පනත් කෙටුම්පතක් පසුගිය 20 වනදා ගැසට්කර තිබුණි.

එම සංශෝධිත ගැසට් නිවේදනයට අනුව ශිෂ්‍යයන් නොවන  තැනැත්තන්ට උසස් අධ්‍යාපනය ලබාදීම සඳහා විශේෂිත කාර්යක් සඳහා වු විශ්වවිද්‍යාලයක් පිහිටුවිය හැකිය.

ඊට අදාළ සංශෝධිත පනත් කෙටුම්පත පිළිබඳව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයින් හා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අතර හමුවක් අද (22) පැවැත්වුණි.

එහිදී ඔහු පැවසුවේ,“රජය දැන් අලුත් පනතක් ගෙනවිත් තිබෙනවා. ඒ පනත ගෙනල්ලා තියෙන්නේ කිසිසේම තමන් ගෙනාව කොතලාවල විශ්වවිද්‍යාල හා පාසල් සම්බන්ධ පනත වෙනස් කිරිමට නොවේ. ඔවුන් කරලා තියෙන්නේ, විශ්වවිද්‍යාල පනත වෙනස් කර තිබෙනවා. ඊයේ රාත්‍රීයේ ගැසට් කරන පනතින් කරලා තියෙන්නේ. පොදුවේ මුදල් අයකරන විශ්වවිද්‍යාල හා පාසල් පද්ධතියක් වන යෝජනාව කිසිම ලෙසකින් ආපසු හරවාගෙන නැහැ. පාසල් හා ආයතන පද්ධතියක් බිහිකරනවා.” යනුවෙනි.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සමග පෞද්ගලික විශ්වවිද්‍යාල අනුබද්ධ නොකරන බවය.

ප්‍රශ්නය – යෝජිත සංශෝධිත පනත මඟින් පාලකයින් 9 දෙනෙකු පත්කරන්න යෝජනා කර තිබෙනවා. එතකොට මේ පාලකයින් 9 දෙනාගෙන් 7 දෙනෙකුම යුද හමුදා නිලධාරීන් ඇයි සිවිල් නිලධාරීන් මේ සඳහා යොදවා ගන්නේ නැත්තේ?

විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, 

“හමුදාවේ රාජකාරි කරා කියලා හමුදාවේ අයට අවශ්‍ය විදියට දරුවෝ දාන්න බෑ මේකට. මම ආරක්ෂක ලේකම් හැටියට මටවත් දරුවෙක් මේකට දාන්න බෑ ඒ මූලික සුදුසුකම් සපුරා නැතිනම්. මේකේ ඉගෙනීම් කටයුතු පාලනය කරන්නේ සම්පූර්ණයෙන් ම සෙනට් මණ්ඩලයෙන් පාලක මණ්ඩලයෙන් සිදුකරන්නේ. මැනේජ්මන්ට් බෝඩ් එකෙන් කරන්නේ දරුවන්ට ඉගෙනීමට අවශ්‍ය පහසුකම් සපයාදීමට තීරණ ගැනීම.”

ප්‍රශ්නය – ඕනෑම පෞද්ගලික විශ්වවිද්‍යාලයකට මේ මණ්ඩලය අනුමැතිය අරගෙන කොතලාව විශ්වවිද්‍යාලයට අනුබද්ධවෙලා උපාධි පිරිනැමීමේ ආයතන බිහිකළ හැකිද?

විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න”

“පෞද්ගලික විශ්වවිද්‍යාලයක් අපි අනුබද්ධ කරගන්නේ නැහැ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට.”

ප්‍රශ්නය – KDU එකේ ශිෂ්‍ය සංගම් තිබෙනවාද?

“ශිෂ්‍ය සංගම් අපගේ විශ්වවිද්‍යාලයේ නැත.” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img