Tuesday, November 10, 2026
HomeNEWSවීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්ත ඉතිහාසයේ විශිෂ්ඨ නිර්මාණයක් වන සොරබොර වැව නිර්මාණය කළ බුලතා එවැනි වීරත්වයක් ගොඩ නැගූ ගැමියෙකු බව කී ඒමහතා ,එවැනි උදාර චරිත වලින් ළමා මනස පෝෂණය කළත් යුතු යැයි ද සඳහන් කළේය.
හෙට්ටිගේ මහතා මේ බව සඳහන් කළේ,
ගම්පහ කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයීය ශ්‍රවනාගාරයේ ඉකුත් දා (08)පැවැති කිරිඳිවැල මොනාරයිව් (MONARIVE) ජාත්‍යන්තර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.
එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය.
” දරුවන්ගේ විවිධ ප්‍රසංග වේදිකාව සාමාන්‍ය වේදිකාවක් නොවේ. එය අප රටේ අනාගතයයි. දැයේ දරුවන්ගේ අනාගතය සකස්කර දීම වැඩි හිටි අපගේ පරම යුතුකම හා වගකීමයි. සෑම දරුවකුටම අප රට ගැන හැඟීමක් අභිමානයක් තිබිය යුතුයි.
එ වැනි හැගීම් මතයි අධ්‍යාපනය හැදෑරිය යුත්තේ. ඒ වෙනුවෙන් දෙමව්පියන් ගුරු භවතුන් ඔවුන්ට ශක්තිය දිය යුතු සේම මග පෙන්විය යුතුයි.
රටට අවශ්‍ය වන්නේ මානව දයාවෙන් පිරි උගතුන් බුද්ධිමතුන්. එසේ නොවුණොත් ඔවුන් කෘතිම මිනිසුන් වෙයි. උදාර මානව හැගීම් නැති පිරිස සමාජයට ආලෝකයක් දෙන්නේ නෑ.
අප පය තබා ඇති මේ මාතෘභූමිය ඉතිහාසයේ විරුවන්ගේ ලේ කඳුළු දහදියෙන් පෝෂණය වූ අභිමානවත් දේශයක්.
ඒ ඉතිහාසය දරුවන් දැන ගත යුතුයි. දේශාභිමානී හැගීම් ඇතිව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ වෙන්න ඕනෑ.
මෑත යුගයේ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට අයත් වීමට ගිය අපේ මාතෘ භූමිය දහස් ගණන් විරුවන්ගේ ජීවිත පූජාවෙන් බේරා ගත්තා. එය මහා මෙහෙයුමක්.ඒ අභිමානවත් මාතෘ භූමිය මතයි අප මේ නැගී සිටින්නේ.
එයට දේශපාලන නායකත්වය දුන් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විරුවන් අප කෘතවේදීව සිහිපත් කළ යුතුයි. ඔවුන් අපේ අපේ සැබෑ විරුවන් ලෙස ඉතිහාසයට එක් වෙයි.
වීරත්වය අර්ථවත් වන්නේ මානව වර්ගයාගේ හා මාතෘ භූමියේ උන්නතියට සිදුවන සේවය අනුවයි.
ඉතිහාසයේ නම් සඳහන් බොහෝ විරුවන් අපේ දේශයට බැඳී සිටිනවා.
රටට ජාතියට ආදරය ඇති ගමක සාමාන්‍ය කෙනෙකුට වුවද සැබෑ වීරයෙක් වෙන්න පුළුවන්.
අවුරුදු දෙදහස් ගණනකට පෙර සොරබොර වැව හැදූ බුලතා ගැමියෙක්. ඔහුගේ කාය ශක්තියෙන් විශ්මිත නිර්මාණයක් ඇති වුණා.රට ගැන තම පළාතේ ජනයා ගැන ඔහුට අසීමිත ආදරයක් තිබුණා.
දුටගැමුණු රජ තුමාට සේවය කරන අතර තුර ඔහුගේ කාය ශක්තිය උදැල්ලෙන් පණ පෙවුණා. ඒ අනුව දැවැන්ත වාරි ව්‍යාපෘතියක් නිර්මාණය වුණා.
සොර බොර වැවත් එහි නිර්මාතෘ බුලතා අදත් දෙවියෙක් සේ මිනිසුන් සිහිපත් කරනවා. ඔහුට පිං දෙනවා.
නියඟය නිසා වියළි ගිය අක්කර දහස් ගණනකට ඔහු ජීවය දුන්නා .
සරුසාර කෙත් වතු නිර්මාණය වුණා.
බුලතා නම් සැබෑ වීරයා එදා කතා කරමින් කාලය කා දැම්මේ නෑ. රටට නොමැකෙන සේවයක් කළා.
මේ උදාර චරිතය දරුවන්ට පමණක් නොව අපටත් පරමාදර්ශයක් නොවේද?
නායකයන්ගේවැඩිහිටියන්ගේ පැවැත්ම දරුවන්ගේ ජීවිත වලට බලපානවා. බොහෝ වැඩිහිටියන් ගෙන් නායකයින්ගෙන් අද දරුවන්ට ආදර්ශයක් ගත හැකිද?
ඔවුන්ගේ සිත් තුළ ඇත්තේ වෛරය ,තරහව, ක්‍රෝධය වැනි භයානක සිතිවිලි.
දූ දරුවන් ඉන් මුදවා ගැනීමට නම් අප ආදරය කරුණාව දයාව සහිත නායකයින් හා වැඩිහිටියන් විය යුතුයි.
දරුවන්ට තරහ ඇති වූ විට තිබෙන්නේ ටික මොහොතයි. එහෙත් ඇතැම් වැඩිහිටියන් නායකයින් තරහව සදාතනික වෛරයෙක් කර ගන්නවා. ඒ ආදර්ශය දරුවන්ට සුදුසු නෑ.
අද දරුවන්ට අධ්‍යාපනය දීමට දෙමව්පියන් විශාල වෙහෙසක් ගන්නවා. එය කරන්නේ දැඩි ආර්ථික පීඩනය මැදයි. සෑම පාසලකම විවිධ හැකියාවන් සහිත දරුවන් සිටිනවා. ඔවුන්ගේ සේවය මේ රටට අනාගතයේ ලබා ගැනීමට වැඩිහිටි නායක සියලු දෙනා අවශ්‍ය පරිසරය සකස්කර දිය යුතු යැයි ද කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය.
MONARIVE ජාත්‍යන්තර පාසලේ අධ්‍යක්ෂිකා ප්‍රියාන් ශ්‍රී පින්නවල මහත්මිය ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් ද මේ වස්ථාවට සහභාගී වූහ.
විවිධ දක්ෂතා සැපිරූ සිසු සිසුවියන් පිරිසකට මෙහිදී හෙට්ටිගේ මහතා අතින් සහතික පත් පිරිනැමිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.

නීති පද්ධතියක් හරහා දේශපාලන පළිගැනීම් සිදුකිරීමට රජය කටයුතු කරනවා- විපක්ෂ නායක සජිත්

ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස ලක්ෂ 220ක් ජනතාවට මූලික හා...

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල පහළට

ඇමරිකා - ඉරාන සාම සාකච්ඡා පිළිබඳ ඇති වූ සුභවාදී බලාපොරොත්තු හේතුවෙන් ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 7% කින් පමණ පහත වැටී ඇ.ඩො 93...

පළාත් කිහිපයකටම අද (10)තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (10) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img