Thursday, July 16, 2026
HomeNEWSවී වලට දෙනවයි කිව්ව රුපියල් 150, සහතික මිල කෝ? සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න...

වී වලට දෙනවයි කිව්ව රුපියල් 150, සහතික මිල කෝ? සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි.

*ජනතාව ජීවත් කරවන්න බැරි ආණ්ඩුවක් රටකට ඕනද ? – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*අද රටෙ ඇත්තේ ජනතා ජිවත් කරන්න බැරි යුගයක් හා ආණ්ඩුවක් බවත් ගොවියාට වී විකුන ගන්න බැ වගෙම ජනතවට දරාගක හැකි මිලකට පොල් සහල් ලුණු ගන්න බැරි බවත් අත්‍යාවශ්‍ය ආහාර ගන්න බැරි රජයක් ජනතාව ජීවත් කරවන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් ආණ්ඩුවේ ඉන්න අය එදා විපක්ෂයේ සිටින විට වීවලට 150ක සහතික මිලක් දෙනවා කිව්වත් අද ඒ අයම කුඹුරට ගොස් ගොවියා හමුවන්න බය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද අවිස්සාවේල්ලේ පැවැති ජනහමුවක් අමතමිනි.*මෙවැනි බොරුව රැවටීම ජනතාව නන්න්තාර කිරීම යන පුරුද්ද තුළ අද ජන සමාජය අනාථ වී ඇති බවත් අද රාජ්‍ය සේවකයන් හිතුමතේ මාරු කර ඔවුන්ට ගැතිකම් දක්වන අය ආරක්ෂා කරන බවත් මෙරට ජනතාව අනාථ කරන රාජ්‍ය ප්‍රතිපත්තිවලට විරුද්ධව නැගී සිටිනව පමණක් නොව අගතියට අසහනය⁣ට හා දේශපාලන පළිගැනීම්වලට ලක්වන අයගේ දුකට පිහිටුවන වැඩසටහනක් සමගි ජන බලවේගය ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.*රටේ බහුතරයක් ණය බරින් මිරිකිලා*අද බහුතරයත් ජනතාව ණය බරින් තෙරපී මිරිකී ඇති බවත් හොදට ජීවත් වු ජනතාවගේ ජන ජීවිත කුඩා වී අඩුවෙන් නිෂ්පාදණය පාරිභෝජන හා ආයෝජනය කරන බවත් ගොවියා රත්රං උකස් කර ගොවිතැනේ නියැලුනත් පොහොර හා ස්ථාවර මිලක් නොමැති බවත් මේ නිසා ණය විෂහ චක්‍රයේ සදාකාලික හිරකරුවන් වී ඇති බවත් සමුපකාර ක්ෂේත්‍රයෙන් ණය ගැනීම වැඩිවී ඇති බවත් ආදායම් මාර්ග නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*රජයට ජනතාවගේ දුක අහන්න වෙලාවක් නැති වුනාට ජනතා ගැටලු වෙනුවෙන් විපක්ෂ නායක කාර්යාලය විවෘතයි*පසුගිය දිනක ජනාධිපති ලේකම් කාර්යාලයට ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ගියත් ඔවුනට විසදුම් නොමැති බවත් ජනතාව ජනවරමක් දුන්නේ පෙළපාළි යන්න නොවන බවත් තුනෙන් දෙකක් දුන්නේ සේවාවක් ඉටු කිරීමට බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ තමාගේ විපක්ෂ නායක කාර්යාලය දුක් විදින ජනතාවට විවෘත බවත් මහජන සභා කාර්යාලයක් බවට පරිවර්තනය කර විසදුම් සපයන වැඩපිළිවෙලක් ආරම්භ කරන බවත් හඩක් නොමැති අයට හඩක් ලබා දෙන බවත්ය.NEWS CLIPhttps://youtu.be/Wv3iSI_Txjw

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...

සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන – විපක්ෂ නායක සජිත්

ගොවි උපකරණවලට අධික බදු බර. සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය කෘෂි උපකරණවලට බදු පිට බදු ගැසුවත් සිගරට් සඳහා...

ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ...

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img