Saturday, October 31, 2026
HomeNEWSවී වලට දෙනවයි කිව්ව රුපියල් 150, සහතික මිල කෝ? සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න...

වී වලට දෙනවයි කිව්ව රුපියල් 150, සහතික මිල කෝ? සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි.

*ජනතාව ජීවත් කරවන්න බැරි ආණ්ඩුවක් රටකට ඕනද ? – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*අද රටෙ ඇත්තේ ජනතා ජිවත් කරන්න බැරි යුගයක් හා ආණ්ඩුවක් බවත් ගොවියාට වී විකුන ගන්න බැ වගෙම ජනතවට දරාගක හැකි මිලකට පොල් සහල් ලුණු ගන්න බැරි බවත් අත්‍යාවශ්‍ය ආහාර ගන්න බැරි රජයක් ජනතාව ජීවත් කරවන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් ආණ්ඩුවේ ඉන්න අය එදා විපක්ෂයේ සිටින විට වීවලට 150ක සහතික මිලක් දෙනවා කිව්වත් අද ඒ අයම කුඹුරට ගොස් ගොවියා හමුවන්න බය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද අවිස්සාවේල්ලේ පැවැති ජනහමුවක් අමතමිනි.*මෙවැනි බොරුව රැවටීම ජනතාව නන්න්තාර කිරීම යන පුරුද්ද තුළ අද ජන සමාජය අනාථ වී ඇති බවත් අද රාජ්‍ය සේවකයන් හිතුමතේ මාරු කර ඔවුන්ට ගැතිකම් දක්වන අය ආරක්ෂා කරන බවත් මෙරට ජනතාව අනාථ කරන රාජ්‍ය ප්‍රතිපත්තිවලට විරුද්ධව නැගී සිටිනව පමණක් නොව අගතියට අසහනය⁣ට හා දේශපාලන පළිගැනීම්වලට ලක්වන අයගේ දුකට පිහිටුවන වැඩසටහනක් සමගි ජන බලවේගය ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.*රටේ බහුතරයක් ණය බරින් මිරිකිලා*අද බහුතරයත් ජනතාව ණය බරින් තෙරපී මිරිකී ඇති බවත් හොදට ජීවත් වු ජනතාවගේ ජන ජීවිත කුඩා වී අඩුවෙන් නිෂ්පාදණය පාරිභෝජන හා ආයෝජනය කරන බවත් ගොවියා රත්රං උකස් කර ගොවිතැනේ නියැලුනත් පොහොර හා ස්ථාවර මිලක් නොමැති බවත් මේ නිසා ණය විෂහ චක්‍රයේ සදාකාලික හිරකරුවන් වී ඇති බවත් සමුපකාර ක්ෂේත්‍රයෙන් ණය ගැනීම වැඩිවී ඇති බවත් ආදායම් මාර්ග නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*රජයට ජනතාවගේ දුක අහන්න වෙලාවක් නැති වුනාට ජනතා ගැටලු වෙනුවෙන් විපක්ෂ නායක කාර්යාලය විවෘතයි*පසුගිය දිනක ජනාධිපති ලේකම් කාර්යාලයට ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ගියත් ඔවුනට විසදුම් නොමැති බවත් ජනතාව ජනවරමක් දුන්නේ පෙළපාළි යන්න නොවන බවත් තුනෙන් දෙකක් දුන්නේ සේවාවක් ඉටු කිරීමට බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ තමාගේ විපක්ෂ නායක කාර්යාලය දුක් විදින ජනතාවට විවෘත බවත් මහජන සභා කාර්යාලයක් බවට පරිවර්තනය කර විසදුම් සපයන වැඩපිළිවෙලක් ආරම්භ කරන බවත් හඩක් නොමැති අයට හඩක් ලබා දෙන බවත්ය.NEWS CLIPhttps://youtu.be/Wv3iSI_Txjw

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් පාකිස්ථානයට තුන් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ජය

තුන්කොන් එක්දින තරගාවලිය - (අවසන් තරගය), පාකිස්ථානය කඩුළු 3 ක ජයක් සමඟ ශූරතාව දිනා ගනී. ශ්‍රී ලංකාව:325/8,පාකිස්ථානය:331/7 (48.3), ෆකර් සමන්:127, බායිග්:74, මදුසංක:63/3.

ජෙන්සිලා සහ මිලේනියල්ලා දිනා ගැනීමට හිටපු ජනපති රනිල්ගෙන් වැඩක්

පිටකෝට්ටේ “සිරිකොත“ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කළ අදහස් අපි මුලින්ම මෙතැන කතා කරන්නේ...

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට අගමැතිනිය ඇන්ටිගුවා සහ බාබුඩා වෙත

අග්‍රාමාත්‍යවරිය 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව යයි. 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගි වීම සඳහා...

ප්‍රජා ශක්ති යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක්-අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක සංවර්ධන වැඩසටහන් Photo Link - https://we.tl/t-qFzL0MKkTwQzUhXw Speech Link - https://we.tl/t-AmqVVErK3jnvt4GA ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img