ආර්ථික සහ වෘත්තීය ගැටලු ඇතුළු විවිධ හේතූන් මත ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්, ශ්‍රේණි වෛද්‍යවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිකයන් 3,000කට වැඩි පිරිසක් රට හැර ගොස් ඇති බව වාර්තා වේ.
2022 සිට 2024 දක්වා වසර තුනක කාලය තුළ පමණක් විශේෂඥ වෛද්‍යවරුන් සහ ශ්‍රේණි වෛද්‍යවරුන් 1,489 දෙනෙකු විදේශගත වී ඇති බව සඳහන් වේ.
මේ අතර, සමස්තයක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන් 2,500කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවය අතහැර විදේශගත වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.
වෛද්‍යවරුන් රට හැර යාම හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 1,200කට වැඩි බවටද ගණන් බලා තිබේ. තවත් වෛද්‍යවරුන් 2,000කට වැඩි පිරිසක් විදේශගත වීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.
මේ අතර, පශ්චාත් උපාධි සහ අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වී, නැවත සේවයට පැමිණීමේ ගිවිසුම් කඩ කරමින් සේවයට වාර්තා නොකළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 514 දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.






















