වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සිදුකිරීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන ලෙස දන්වා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තමන් වෙත නිකුත් කර තිබෙන ලිපියක් බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බොරැල්ල, වෙස්ටර්න් රෝහල විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකාබැලීම සඳහා ජනවාරි මස 10 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
එම රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ සැත්කමට භාජනයවීමට නියමිත රෝගීන් දෙදෙනෙකු සම්බන්ධයෙන් සොයාබලා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට නියෝගකර තිබේ.
මෙම පෙත්සම අද (16) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියෙහි කැඳවනු ලැබීය.






















