වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සමිති සම්මේලනයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) අවසර ලබාදුන්නේය.
හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ ළමා මන්දපෝෂණය පවතින බවට ඔහු විසින් සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුව තම වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය බලධාරීන් ගෙන තිබෙන තීරණය තුළින් තම මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ඉල්ලා වෛද්‍යවරයා මෙම පෙත්සම ගොනුකර තිබිණි.
කෙසේ වෙතත් පෙත්සම්කරු වැඩතහනම් කරමින් නිකුත්කර තිබෙන නියෝගය අත්හිටුවන ලෙස අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සමෙන් කර තිබූ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
බුවනෙක අලුවිහාරේ, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.






















