ශ්‍රී ලංකාවේ චෙක් ජනරජයේ තානාපතිනි එලිස්කා සිගෝවා මහත්මිය විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී දෙරටේ පොදු අවශ්‍යතා තවදුරටත් වර්ධනය කර ගැනීමට සහ දෙරට අතර වෙළඳ, සංචාරක සහ සංස්කෘතික සබඳතාවල සහයෝගීතාවයන් ඇති කර ගැනීමට ඇති මාර්ග පිළිබඳව සාකච්ඡා කළාය.