Friday, November 13, 2026
HomeNEWSශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සදහාගෙවුනු වසර තුළ රජය ගත් ක්‍රියාමාර්ග විශිෂ්ටයි-චීන...

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සදහාගෙවුනු වසර තුළ රජය ගත් ක්‍රියාමාර්ග විශිෂ්ටයි-චීන තානාපති.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සදහා
ගෙවුනු වසර තුළ රජය ගත් ක්‍රියාමාර්ග විශිෂ්ටයි

  • චීන තානාපති

ශ්‍රී ලංකාවේ චීන තානාපති කියි ෂෙන්හොන්ග් (Qi Shenhong) මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් 2023.07.17 දින අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි.

වත්මන් රජයේ ගෙවුණු පළමු වසර තුළ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මිදීමේ ප්‍රයත්නවල කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කියුයි ෂෙන්හොන්ග් මහතා (Qi Shenhong) පැවසීය.

ආර්ථික ප්‍රශ්නයට කෙටිකාලීන විසදුම් මෙන්ම දීර්ඝ කාලීන විසඳුම්ද එකසේ වැදගත්වන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ දිගුකාලින විසදුම් ලෙස සෘජු පෞද්ගලික ආයෝජන සේම කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය, වාරිමාර්ග සහ ජල සම්පාදන ක්ෂේත්‍රවල ආයෝජනයන් ශ්‍රී ලංකාව පිළිගන්නා බවයි.

ආර්ථික අර්බුදය හමුවේ චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහයෝගය ද අගය කළ අග්‍රාමාත්‍යවරයා දිවයින පුරා පාසල් වෙත පාසල් බෑග්, ලිපි ද්‍රව්‍ය, පාසල් නිල ඇඳුම් සඳහා වූ රෙදී සහ අධ්‍යාපනික උපකරණ පිරිනැමීම සදහා චිනය දැක්වූ දායකත්වය පිළිබඳව ස්තූති කළේය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ද එක්ව සිටියේය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? දිනන දකුණ ප්‍රශ්න කරයි

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? මෙවර රජය රටට ඉදිරිපත් කළ අයවැයට පදනම් වූ ප්‍රතිපත්තිය දෙස බැලීමේදී නැවත නැවතත් තහවුරු වන්නේ,...

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ – විපක්ෂ නායක සජිත්

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අයවැය තුළින් රටේ ලක්ෂ 220ක් ජනතාව මුහුණ දෙන බරපතළම...

අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති

අනෝජන් සිවරාසා මහතා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීමට මැදිහත් වීම පිළිබඳව පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන්...

අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්

2027 අයවැය: පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමයින් සඳහා වන චිත්‍ර හා වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img