Friday, October 23, 2026
HomeNEWSශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය පිළිබඳ "NDTV World Summit 2026" සමුළුවට නියෝජ්‍ය අමාත්‍ය...

ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය පිළිබඳ “NDTV World Summit 2026” සමුළුවට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ

ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය පිළිබඳ “NDTV World Summit 2026” සමුළුවට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ එක්වෙයි

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ඔක්තෝබර් 22 සහ 23 දෙදින පැවැත්වෙන NDTV World Summit 2026 ජාත්‍යන්තර සමුළුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය, ආර්ථික ස්ථාවරත්වය සහ ඉදිරි ආර්ථික ගමන්මඟ පිළිබඳ සංවාදයකට සහභාගි වීමට නියමිතය.

“ 1988 වසරේ සිට ක්‍රියාත්මක වන, රූපවාහිනී සහ ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයන්හි ජාත්‍යන්තර ප්‍රවේශයක් සහිත ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ජාලයක් වන NDTV විසින් සංවිධානය කරනු ලබන මෙම සමුළුව සඳහා දේශපාලන නායකයන්, රාජ්‍යතාන්ත්‍රිකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ව්‍යාපාරික නායකයන් එක්වීමට නියමිත අතර, මෙවර සමුළුවේ තේමාව වන්නේ “A World Between Orders” යන්නයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා ඔක්තෝබර් 22 වැනිදා පස්වරු 5.00ට පැවැත්වීමට නියමිත “Sri Lanka’s Economic Reset: Recovery, Resilience and the Road Ahead” යන සැසියට සහභාගි වෙමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දැක්වීමට නියමිතය.

මෙම ජාත්‍යන්තර සමුළුවට සහභාගි වීම ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික පරිවර්තනය, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ඉදිරි සංවර්ධන අපේක්ෂාවන් පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ අදහස් හුවමාරු කර ගැනීමට වැදගත් අවස්ථාවක් වනු ඇත.

මෙම සමුළුවට සහභාගි වීමට නියමිත නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිබඳව NDTV මාධ්‍ය ආයතනය 2026 ඔක්තෝබර් 19 වැනිදා විශේෂ ලිපියක් ද පළ කර තිබේ.

අදාළ NDTV වාර්තාව:
https://www.ndtv.com/world-news/who-is-chathuranga-abeysinghe-sri-lankas-deputy-minister-to-speak-at-ndtv-world-summit-2026-12205220

NDTV ලෝක සමුළුව 2026: පළමු දිනයේ සම්පූර්ණ කාලසටහන, ප්‍රධාන කථිකයන් සහ සැසි :
https://www.ndtvprofit.com/india/ndtv-world-summit-2026-full-day-1-schedule-key-speakers-and-sessions-12214549

මමිත් දිසානායක
ගරු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එංගලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකාවට කඩුළු 02 ක සුපිරි ජයක්

පාකිස්ථාන තුන්කොන් තරගාවලිය. ශ්‍රී ලංකාවට කඩුළු 02 ක සුපිරි ජයක්. (ශ්‍රී ලංකාවේ හොඳම සහ ලොව 02 වන වැඩිම එක්දින ලකුණු හඹා යාම) එංගලන්තය:429/4,ශ්‍රී ලංකාව:430/8 (49.5) එංගලන්තය සමඟ...

විහාර මහාදේවී උද්‍යානයේ රැඳී සිටින භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසට අධිකරණ නියෝගයක්

විහාර මහාදේවී උද්‍යානයේ රැඳී සිටින භික්ෂූන්වහන්සේ ඇතුළු පිරිසට එහි අඛණ්ඩව රැඳී සිටීමෙන් වැළකීම ඇතුළු අධිකරණය ලබාදුන් නියෝගයක් කියවා දීමෙන් පසු, පොලිසිය එම ස්ථානයෙන්...

ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘Vision’ වැඩසටහනට පාසල් හතරකසිසුහු එක් වෙති

ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘Vision’ වැඩසටහනට පාසල් හතරකසිසුහු එක් වෙති පන්ති කාමරයෙන් ඔබ්බට ගිය අධ්‍යාපනික අත්දැකීම් සිසුන්ට ලබා දෙමින්, රටේ ඉතිහාසය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ රාජ්‍ය පරිපාලන...

බොරු චෝදනා දාලා නඩු දාන අයට මොකද වෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා- නාමල් රාජපක්ෂ

අධිකරණයට බොරු තොරතුරු දීලා මේ රටේ අසරණ අහිංසක මිනිස්සුන්ව බොරු චෝදනා දාලා නඩු දාන එකට විරුද්ධව විනිශ්චකාරවරු තීන්දුවක් දුන්නම, ඒ තීන්දුව පැහැර හැරපු පොලිස්පතිවරයාට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img