Friday, September 11, 2026
HomeNEWSශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරන්න විදේශිකයන්ට පිස්සු නෑ

ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරන්න විදේශිකයන්ට පිස්සු නෑ

ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරමින් සංචාරය කිරීමට විදේශිකයන්ට පිස්සුවක් නොමැති බවත් සංචාරකයන්ට දින 14 ක් තිස්සේ කාමර ඇතුළට වී නිදියන්න නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පාර්ලිමේන්තවේු විවාදයකට එක්වෙමින් අද (05) පැවසීය. ‘කොවිඞ් 19’ වසංගතයට පසුව ක්‍රියාත්මක වන සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතිය පිළිබඳව විපක්‍ෂයෙන් යොමු වූ විවේචනවලට පිළිතුරු දෙමින් නිමල් ලංසා ඇමතිවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“ලංකාවට එක සංචාරකයො අපි දාන ඔක්කොම නීතිවලට අනුව එන්න ඒ ගොල්ලන්ට පිස්සු නෙමෙයිනේ. දවස් 14 ක් බුදියන්න. එහෙම එනවද බුදියන්න. එක එක්කෙනාට නීති දාන්න පු`ඵවන්. ඒ නීතිවලට යටත්වෙලා සංචාරක කර්මාන්තෙ දියුණු කරන්න බෑ”

“හර්ෂ මන්ත්‍රිතුමා කියනවා සංචාරකයො දින 14 ක් තියන්න ඕන කියලා. ඔබතුමා දන්නවා සංචාරකයෝ පසුගිය ඉතිහාසය පුරා ඇවිත් තියෙන්නේ දින 10 යි, 12 යි, 14 යි. ඔබතුමාලා කියන්නේ සංචාරකයා පැය ගාණක් ඇවිල්ලා, කාමර ඇතුළෙ නිදියගෙන ඉඳලා ආපහු යන්න කියලද? එහෙම සංචාරකයන්ට පිස්සුවක් නෑ බුදියගෙන ඉදලා යන්න”

“සංචාරක ව්‍යාපාරයේ නියුතු ලක්‍ෂ 30 ක් ජනතාව මාස නවයක් තිස්සේ තමන්ගේ වාරික ගෙවා ගන්න බැරිව ඉන්නවා. එදිනදා කටයුතු කරගන්න බැරිව ඉන්නවා. ඒ නිසා තමයි රජය උත්සාහ කරන්නේ නියමු ව්‍යාපෘතියක් විදියට මේ ජනවාරි මාසයේ ගුවන්තොටුපළ විවෘත කරලා ශ්‍රී ලාංකිකයන්ව ඕනම වාණිජ ගුවන්යානයකින් ගෙන්න පුළුවන්ද කියලා බලන්න. සංචාරක කර්මාන්තය සඳහා ගුවන්තොටුපළ විවෘත කරන්න පු`ඵවන්ද කියලා බලන්නේ මේ නියමු ව්‍යාපෘතියෙන්”

“නියමු ව්‍යාපෘතියක අඩුපාඩු තියෙන්න පු`ඵවන්. වැරදි වෙන්න පුළුවන්. අපි වැරදි හදාගෙන, අඩු පාඩු හදාගෙන මේ රටේ සංචාරක ව්‍යාපාරයේ නියුතු අහිංසක ජනතාවට යම්කිසි ආදායමක් එන විදියට මේ කර්මාන්ත විවෘත කරන්නයි”

සමඟි ජනබලවේගයේ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මුලසුනේ අවසර ඇතිව මෙසේ අදහස් දැක්වීය.  
“ඇමතිතුමා, මම කිව්වේ නිරෝධායනය දින හතකට අඩු කරලා තියෙනවා. දින 14 ක නිරෝධානය අඩු කරලා තියෙන්නේ කොන්දේසියක් සමඟ. ඒක තමයි ගුවන් තොටුපළේ පී.සී.ආර්. එකක් කරන්න ඕනේ. දින තුනෙන් පී.සී.ආර්. එකක් කරන්න ඕනේ. දින හයෙන් පී.සී.ආර්. එකක් කරන්න ඕනේ. අපි ඇහුවේ ඒ පී.සී.ආර්. තුන කරලද කියලයි”

නිමල් ලංසා ඇමතිවරයා ඉන් පසුව මෙසේ පිළිතුරු සැපයීය.
“සංචාරක බුබුළු විදියට ගෙනාපුවම පී.සී.ආර්. දෙකක් කරාම ඇති කියන එක තමයි දැනට දීලා තියෙන නිර්දේශය. ඒ අනුව තමයි කටයුතු කරන්නේ. ඒ අය බාහිර සාමාජ සමඟ කටයුතු කරන්න යන්නේ නෑ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img