කොළඹ Cinnamon Life හෝටලයේ පැවති ශ්‍රී ලංකා හෝටල් සංගමයේ (THASL) 60 වන සංවත්සරය සහ මහසභා රැස්වීම අමතමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා කළ කතාව.*- සංචාරකයන්ට වැඩිවැඩියෙන් ලංකාවට එන්න හිතිලා.- ලංකාවට පැමිණෙන සංචාරකයන් රට තුළ වියදම් කිරීමට අඩු වීමට හේතු තිබෙනවා. නමුත් තවමත් වැඩියෙන් ම පැමිණෙන ප්‍රධාන රටවල් 06ක්ම යුරෝපා රටවල්.- සංචාරකයන් පැමිණීමේ දී ගුවන්තොටුපලේ ඇතිවන තදබදය අවම කරන්න ලබන ගුවන්තොටුපල පුළුල් කිරීම ජයිකා ආයතනයෙන්.- ගෘහස්ථ ගුවන් ගමන් දියුණු කිරීමේ සැලැස්මට අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා- මේ වසරේ හෝටල් කාමර 3000ක් ආරම්භ කරලා. තරු පහේ හෝටල් 1300ක්. කොළඹින් බැහැර දුර ප්‍රදේශවලත් හෝටෙල් ඉදි කරන්නේ නම් රජය ඉඩම් ලබා දීමට සූදානම්..විජිත හේරත් අමාත්‍යවරයා එහිදී කළ සම්පූර්ණ කතාව පහත සඳහන් වේ.*ශ්‍රී ලංකාව සංචාරකයන්ට එන්න හිතෙන ගමනාන්තයක් වෙලා.*මේ වසර ලංකාවට වැඩියෙන්ම සංචාරකයෝ පැමිණෙන වසර බවට පත් වෙනවා. මිලියන 2.4 ක ඉලක්කය දෙසැම්බර් 31 වෙනකොට සම්පූර්ණ කරන්න පුළුවන් කියන විස්වාසය දැන් තියෙනවා. ඒ තත්වය ඇති වූන ප්‍රධානම හේතුව තමයි අපේ රට තුළ ඇති වෙලා තියෙන ආර්ථික දේශපාලන වෙනස. ජාති වාදී ගැටුම් නැතුව, ආගම් වාදී ගැටුම් කෝලාහල නැතුව රට තුළ හොද ශක්තිමත් ස්ථාවරත්වයක් ඇති වුනාම සංචාරකයන්ට අපේ ලංකාවට එන්න හිතෙනවා. ඉතින් ඒ තත්ත්වය උදා කිරීමත් එක්ක තමයි අපි මේ ඉලක්කයට ලඟ වෙන්නේ. දැන් අපිට තියෙනෙව අභියෝගයක්, මෙතනින් එහාට අපේ සංචාරක ක්ෂේත්‍රය සංවර්නධය කරන්න. ඇත්තටම අපි මේ කාලය තුළ ඊට අවශ්‍ය කරන අඩිතාලම තමයි, පදනම දන්න හදන්නේ. මෙතනින් එහාට ඒ පදනම මත අපිට යා යුතු බොහෝ දුරක් තියෙනවා. එතැනදී විශේෂයෙන්ම හොටල් ක්ෂේත්‍රයේ ඔබ විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඔබට විශාල පංගුවක් තියෙනවා. සංචාරකයන් ගෙන්වීම සංචාරක අමාත්‍යාංශය නෙමෙයි කරන්නේ, පෞද්ගලික ආයතන, ඔබ, අපේ ට්‍රැවල් ඒජන්සි, ඒ වගේම හොටෙල් හිමිකරුවන්. ඔබ තමයි මේකට අදාළ ප්‍රධානම භාරදුර කර්තව්‍යය කරන්නේ.*වැඩියෙන්ම සංචාරකයන් පැමිණෙන රටවල් අතර යුරෝපා රටවල් රැසක්.*අපේ ඉලක්කය කවුරුත් දන්නවා, මේක තව කිහිප ගුණයකින් වැඩි කරගන්න. ආදායමත් ඒ හා සමානවම වැඩි කරගන්න. කරුණු ඉදිරිපත් උනා අපි ප්‍රමාණය වැඩි කර ගත්තට ආදායම ඊට සාමානුපාතිකව වැඩි වුනේ නැහැ කියලා. ඒකෙ ඇත්තක් තියෙනවා. ඒකට හේතු ගණනාවක් තියෙනවා. ඉදිරිපත් වෙච්ච කරුණුවලට අමතරව තවත් එකක් තියෙනවා. අපේ මේ ඩොලර් එකේ fluctuation එකත් මේකට බලපාලා තියෙනවා. ඒකත් එක්ක ගණනය කිරීමේදී එදා එක දිනයකට ඩොලර් 171 වියදම් කරනවා කිව්වා, අද ගණනය කිරීමේ දී ඩොලර් 148 වෙලා තියෙනවා. එතකොට මිලදී ගැනීමේ හැකියාව වෙනස් වෙනස් වෙලා තියෙනවා, උද්ධමන අනුපාතය උද්ධමනට සාපේක්ෂව ඩොලරයේ වෙනස් වීමත් මේ ගණනය කිරීමේ දී බලපාපු සාධක තියෙනවා, ඒකත් එක්ක අවසානයේදී ගත්තම ගණන් හදල බැලුවම අඩුවීමක් පෙන්නුම් කරනවා. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ. High End Tourist කට්ටිය ලංකාවට එන්නේ නෑ කියලා. ඔබ බැලුවොත් මේ ගෙවිච්ච කාලය තුළ වැඩිම සංචාරකයන් පැමිණියේ ඉන්දියාවෙන්. ඊළඟට එක්සත් ජාතික ජනපදය, ඊළඟට චීනය ජර්මනිය, මේ මුල් රටවල් දහය ඇතුළේ යුරෝපා රටවල් හයක් තියෙනවා. ඔබ කවුරුත් දන්නවා වැඩිපුර ඩොලර් වියදම් කරන අය ලංකාවට එනවා ඒ රටවල්වලින්.ඒ කොහොම වුණත් අපි හැමෝටම ඉලක්කයක් තිබිය යුතු වෙනවා, ප්‍රමාණය වැඩි කරනවට එහා ගිහිල්ල ගුණාත්මකභාවය වැඩි කරලා අපේ රටේ රටට එන ඩොලර් ආදායම වැඩි කරන්න. ඒක අපි කාටත් තියන සාමූහික වගකීමක්. අමාත්යංශය විදිහට ඊට අවශ්‍ය කරන ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්න අපි සූදානම්. ඒ වගේම ඔබලාගේ සහයෝගය මැදිහත්වීමත් එක්ක තමයි අපිට මේඉලක්කය සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ. *කටුනායක ගුවන්තොටුපල ලබන වසරේ පුළුල් කරනවා. අභ්‍යන්තර ගුවන්ගමන් දියුණු කරන්නත් මුදල් වෙන් කළා.*අපි මුහුණ දෙන ප්‍රධාන අභියෝග ගණනාවක් තියෙනවා. ඉන් එකක් තමයි යටිතල පහසුකම්, infrastructure develop කරන්නෙ නැතිව අපිට ඒ සංචාරකයන්ගේ අවශ්‍යතාවයන් ඉටුකරගන්න අමාරුයි. මේ සංචාරක සමයේ දී එකේදී ගුවන්තොටුපලේ ඇතිවන තදබදය මගහරවා ගන්න අපි ඔබත් එක්ක සාකච්ඡා කරා, මම ස්තූතිවන්ත වෙනවා විශේෂයෙන්ම හෝටල් හිමිකරුවන් විදිහට ඔබ ඉදිරිපත් වෙලා කටුනායක ගුවන්තොටුපළේ තාවකාලිකා terminal හදල දෙන්නෙ බරපැන දැරුවාට. එහෙම නොවුනා නම් ඇත්තටම මේ සීසන් එකේදි අපි ලොකු අමාරුවක වැටෙනවා. ඒ මැදිහත්වීම නිසා ඉතාමත් කෙටි කාලෙකින් අපිට පුළුවන් වුණා ඒ terminal පහසුකම ලබා දෙන්න.ගුවන් තොටුපළේ පළල්වීමක් අවශ්‍ය වෙනවා කඩිනමින්. ජපාන ජයිකා ආයතනය ව්‍යාපෘතිය ආරම්භ කරන්න එකඟ වෙලා තියෙනවා. මේ අවුරුද්ද අවසාන වෙනකොට අධ්‍යයනයන් අවසන් වෙනවා. ලබන අවුරුද්දේ මාර්තු අග වනවිට ජයිකා ආයතනය අපිට සහතික වෙලා තියෙනවා ගුවන් තොටුපළ පුළුල් කිරීමේ දෙවෙනි අදියර ආරම්භ කරන්න. ඉතින් ඒකට යම් කාලයක් ගතවේවි. හැබැයි ඒකත් එක්ක අපිට කටුනායක ගුවන් තොටුපළේ වැඩි ඉඩ පහසුකමක් ලබාගැනීමේ හැකියාවක් එනවා.ඒ වගේම අපිට domestic flights සහ domestic airport සංවර්ධනය කරන්න ඕනි. ඉතින් එහෙම කරොත් තමයි අපි ගෙන්වන සංචාරකයන් ප්‍රමාණය රටේ විවිධ ස්ථානවලට පහසුවෙන් ප්‍රවාහනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ සදහා වෙනම සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්මට අනුව අයවැයෙන් මුදල් වෙන් කිරීමක් කරලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ දියුණු කිරීම් හරහා නව ගමනාන්තයන් හඳුන්වා දෙමින් ඒ එන සංචාරකයන්ට අවශ්‍ය කරන පහසුකම් ලබාදෙන්න අවශ්‍ය මැදිහත්වීම් කරන්න.*පිට පළාත්වල හොටෙල් කාමර හදනවා නම් රජය ඉඩම් දෙන්න සූදානම්.*අපේ හෝටල් කාමර ගත්තොත් දැනට 59000 තියෙනවා. මම කියන්න සතුටුයි මේ අවුරුද්ද ඇතුළේ හෝටල් කාමර 3000ක් අලුතෙන් එකතු උනා. ඒකෙන් 1300ක්ම තරු පහේස් හෝටල් කාමර. යුනිට්ස් විදියට ගත්තොත්තා යුනිට් 340ක් අලුතෙන් එකතු වෙලා තියෙනවා. ඒක හොද ප්‍රවණතාවයක්. එකේ ප්‍රශ්නය තියෙන්නේ බස්නාහිර, කොළඹ කේන්ද්‍රයව ගත්තොත් හෝටල් කාමර ගොඩක් තියෙනවා. වර්ග කිලෝමීටරයට 11000ක් විතර වෙනවා කොළඹ ආශ්‍රිතව හෝටල් කාමරවල ගණත්වය. හැබැයි අපි අපේ ඈත ස්ථානවලට ගියොත් බණ්ඩාරවල, බදුල්ල, අම්පාර පැත්තට ගියොත්, යාපනය අලුත් ගමනාන්තය ගැන හිතුවොත් ඒ ප්‍රදේශවල හෝටල්වල විශාල අඩුවක් තියෙනවා. ඉතින් ඒ නිසා මම ඉල්ලීමක් කරනවා විශේෂ මැදිහත්වීමක් කරන්න අපේ මේ සංචාරකයන්ගේ වැඩිවීමත් එක්ක අපේ ලංකාව ඇතුළේ සංචාරක ගමනාන්තෙවල පහසුකම් සැපයීමේ දී එවැනි destinatioවලත් හෝටල් ඇති කරන්න මැදිහත් වෙන්න්. ඒකට අවශ්‍ය කරන ඉඩම් ලබාදෙන්න, සංචාරක මණ්ඩලය සතු ඉඩම් යම් ප්‍රමාණයක් තියෙනවා. කුච්චවේලි, ත්‍රීකුණාමලයේ, කල්පිටිය ඒ වගේම බෙන්තොට, සීගිරිය එවැනි ස්ථානව ගණනාවකින් සංචාරක මණ්ඩලයේ ඉඩම් තියෙනවා. දැනටමත් අපි ඒවා විවෘත කරලා තියෙනවා. ඔබට අවශ්‍ය අවස්ථාව සපයලා තියෙනවා ඒ සඳහා ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කරන්න. දැනට එහෙම ලැබිච්ච ප්‍රමාණයන් තියෙනවා. තවත් අපි ආරාධනා කරනවා එහෙම ඉදිරිපත් වෙන්න. ඒ destinationවලින් අලුතෙන් හෝටල් ඉදිකරන්න. හෝටල් විතරක්ම නෙමෙයි සංචාරක කර්මාන්තයට අදාළ විවිධ පහසුකම් සපයන ස්ථාන අලුතෙන් ඇති කරන්න. එවැනි ස්ථානවල රජයේ ආයතන සතු ඉඩම් හා ඔබේ පෞද්ගලික හැකියාව මත ලබා ගන්නා අලුත් ඉඩම්වල අලුත් සංචාරක ව්‍යාපෘති ආරම්භ කරන්න.විශේෂයෙන්ම යාපනය වගේ තැනක්, lonely planet දැනටම යාපනය හඳුනාගෙන තියෙනවා සංචාරක ගමනාන්තයක් විදිහට. හැබැයි යාපනේ හෝටල් පහසුකම් හරිම අඩුයි. ඉතින් ඒ ප්‍රදේශය සංවර්ධනය කරන්න අපි ඉලක්ක කරල තියෙනවා. ලෝක බැංකුව ආධාර යටතේ රජයත් මැදිහත් වෙලා දැනටමත් මුදල් වෙන්කරල තියෙනවා. නමුත් ඔබේ මැදිහත්වීම අවශ්‍යයි. ශ්‍රී ලංකා cricket board එක අලුතෙන් ක්‍රීඩාංගනයක් එක්ක යාපනය ආශ්‍රිතව multiple projects ආරම්භ කරන්නට දැනටමත් ආරම්භක පියවර තියල තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාංගනය විතරක්ම නෙමෙයි ඒකට අනුබද්ධ වෙච්ච විවිධ ව්‍යාපෘති ගණනාවක්, හෝටල් කාමරත් ඇතුළුව. එවැනි දේවල්වලින් තමයි ඒ වගේ අලුත් destination අපිට develop කරන්න පුළුවන් වෙන්නේ. අලුත් ප්‍රදේශ හඳුනගන්න, දැනටමත් නාමකරණයට ලක් වෙලා තියෙන ප්‍රදේශත්, අලුතෙන් ස්ථාන හදුනාගෙනත් ආරම්භ කරන්න. මොකද ඔබ මැදිහත් වෙලා යම්කිසි ස්ථානයක හෝටලයක් ආරම්භ කරලා සංචාරකයන් පැමිණෙනවා ස්ථානයක් බවට පත් කරපු ගමන් අපි දන්නෙම නැතුව ස්වභාවිකවම ඒකත් සංචාරක ගමණාන්තයක් බවට පත් වෙනවා. ඇල්ල, ඔබ කවුරුත් දන්නවා කවුරුවත් වෙනම නම් කරපු තැනක් නෙමෙයි. ඒක මේ විදිහට හෝටල් එක්ක ක්‍රමානුකූලව සංවර්ධනය වෙච්ච තැනක්. එවැනි අලුත් ස්ථාන ගොඩක් තියෙනවා, අපි යම් යම් නාමකරණ කරල තියෙනවා. හැබැයි ඒ නාමකරණයන්ට පමණක් සීමා වෙන්න ඕන නැහැ. අලුත් තැන් අඳුනගෙන, අලුත් destination ආරම්භ කරන්න. ඔබට එහිදී විශාල කාර්යභාරයක් පැවරනවා.*Nation Branding Campaign එක ලබන වසර මුල් කාර්තුවේ*ඒ වගේම අපේ nation branding camping එක, ඇත්තම ගත්තොත් අපි දැනට ඔබලාත් එක්කත් ඒවගේම අපේ travel agency සංගමයත් එක්කත් සාකච්ඡා කළා, ඒකාබද්ධව මේ nation Branding කොහොමද ගෙනියන්නේ කියලා. tourism එකේ පමණක් ප්‍රමෝෂන් පටන් ගත්තොත් ඒක සාර්ථක වෙන්නෙ නැහැ. අපි කැමතියි ඔබෙත් සහයෝගය, මැදිහත්වීම ඇතුව nation branding එකට යන්න. ඒකට අවශ්‍ය කරන ආරම්භක සාකච්ඡා කීපයක් පවත්වල තියෙනවා. දල සැලැස්මක් අපි හදල තියෙනවා. එක develop කරගෙන අමාත්‍ය මණ්ඩ ය අනුමත කරගෙන, ඒකට අවශ්‍ය කරන මුල්‍ය පහසුකම් ලබා දීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියත් අවසන් කරලා, ඒක ආරම්භ කරමු. අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ මුල් කාර්තුව වන විට nation branding කැම්පේන් එකක් පටන් ගන්න පුළුවන් කියලා.

























