Thursday, October 29, 2026
HomeNEWSශ්‍රී ලංකාව සහ අසර්බයිජානය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා

ශ්‍රී ලංකාව සහ අසර්බයිජානය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා

ශ්‍රී ලංකාව සහ අසර්බයිජානය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා

ආසියාවේ අන්තර්ක්‍රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවේ (CICA) 7 වැනි සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වය දරමින් බාකු නුවර සංචාරයක නිරත වන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, අසර්බයිජාන් ජනාධිපති අතිගරු ඉල්හාම් අලියෙව් මහතා හමුවිය.

මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ අසර්බයිජානය අතර වෙළෙඳාම, ආයෝජන, සංචාරක කර්මාන්තය සහ බලශක්ති ක්ෂේත්‍රය යන අංශවල ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරිණි. විශේෂයෙන්ම තෙල් සහ ගෑස් සැපයුම සම්බන්ධයෙන් සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

2026 ඔක්තෝබර් 14 සහ 15 යන දෙදින අසර්බයිජානයේ බාකු නුවර පැවැත්වෙන CICA 7 වැනි සමුළුව සඳහා අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය ලබා දෙයි. “ශකිමත් CICA සංසදයක්: ආසියානු කලාපයේ සම්බන්ධතාව, ඩිජිටල්කරණය සහ තිරසාර වර්ධනය” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුවේදී අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සංචාරය අතරතුරදී අමාත්‍යවරයා CICA සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඒ අතර කසකස්තානය, උස්බෙකිස්තානය සහ තජිකිස්තානය යන රටවල නියෝජිතයන් ද ඇතුළත් වේ. එමෙන්ම සත්කාරක රට වන අසර්බයිජානයේ නියෝජිතයන් සහ CICA මහලේකම්වරයා සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මෙම සංචාරය තුළින් ආසියානු කලාපයේ රටවල් සමඟ ශ්‍රී ලංකාවේ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමටත්, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පුළුල් කර ගැනීමටත් අවස්ථාව සැලසේ. විශේෂයෙන්ම වේගයෙන් වර්ධනය වන මධ්‍යම ආසියානු ආර්ථිකයන් සමඟ නව ආර්ථික සහයෝගීතා අවස්ථා ගවේෂණය කිරීමට ද මෙය වැදගත් අවස්ථාවකි.

CICA යනු ආසියානු කලාපය තුළ සහයෝගීතාව වර්ධනය කිරීමත්, සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමත් අරමුණු කරගත් ආසියාවේ විශාලතම කලාපීය අන්තර් රාජ්‍ය සංසදයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ප්‍රායෝගික බෞද්ධයන් ලෙස සෑම ආගමකම අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක සජිත්

ප්‍රායෝගික බෞද්ධයන් ලෙස අපි සෑම ආගමකම අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කුමන අවස්ථාවකදීවත් සමගි ජන බලවේගය ප්‍රතිපත්ති පාවා නොදෙන බවත්...

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img