Thursday, October 29, 2026
HomeNEWSශ්‍රී ලංකා ක්‍රිකට් පිළ නිතරගයෙන්ම ඉන්දියාව හා අවසන් පූර්ව සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ නිතරගයෙන්ම ඉන්දියාව හා අවසන් පූර්ව සටනට

ආසියානු ක්‍රීඩා උළෙල යටතේ අද ජපානයේ වේලාවෙන් පෙරවරු නමයට (ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 5.30ටශ්‍රී ලංකාව සහ නේපාලය අතර ඇරඹීමට නියමිතව තිබූ පිරිමි ක්‍රිකට් අර්ධ අවසාන පූර්ව තරගය අඛණ්ඩව ඇද හැලෙන වර්ෂාව මධ්‍යයේ එකදු පන්දුවක් හෝ යැවීමකින් තොරව අතහැර දැමීමට සිදුවිය. 

ඒ අනුව ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග අංශයෙන් අවාසනාවන්ත ලෙස ඉවතට විසි වීමට නේපාලයට සිදුවද්දී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. 

අදාල තරග නීති රීතිවලට අනුව මෙවැනි තීරණාත්මක තරගයක් පැවැත්වීමට නොහැකි වුවහොත් අයි.සී.සී ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන් සිටින කණ්ඩායම මීළඟ තරග වටයට සුදුසුකම් ලබයි. ඒ අනුව ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් සිටින කණ්ඩායම ලෙසින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර අදාළ අවසන් පූර්ව තරගය ලබන 01 දා ඉන්දියාව සමඟින් පැවැත්වීමට නියමිතය. 

අද වන විට නගෝයා නගරයට අඛණ්ඩ තෙවැනි දිනටත් වැසි පතිත වන අතර මෙම කාලගුණ තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් ක්‍රිකට් තරග අංශයේ ඉදිරි තරග ද මේ ආකාරයෙන්ම තීරණය වනු ඇත.

උද්ගත කාලගුණ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම්ද ඇනහිට ඇති අතර යම් ලෙසකින් කාලගුණයෙන් අවස්ථාවක් ලැබුණහොත් හෙට පෙරවරුවේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයේ හෝ යාබද වෙනත් ක්‍රීඩාංගණයක පුහුණුවීම් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ආසියානු ක්‍රීඩාවල සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු තරංග පරණවිතාන පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img