Wednesday, October 28, 2026
HomeNEWSශ්‍රී ලංකා - පාකිස්තාන අවසන් පන්දුවාර 20 ගැටුම අද

ශ්‍රී ලංකා – පාකිස්තාන අවසන් පන්දුවාර 20 ගැටුම අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය අද (13 වැනිදා) රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ පළමු සහ දෙවන තරග දෙකම පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය ගෞරවාන්විතව නිමා කිරීමට අද අවසන් අවස්ථාව හිමිවන අතර අනතුරුව ඇරැඹීමට නියමිත එක්දින තරගාවලියට යහපත් මානසිකත්වයකින් පිවිසීමට ද අද තරගයේ ප්‍රතිපලය වැදගත් වනු ඇත. පිතිකරුවන්ට මෙන්ම පන්දු යවන්නන්ටද හිතකර රාවල්පිණ්ඩි පිටියේ නිමා වූ තරග දෙකෙහිදීම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අතිශය දුර්වල ක්‍රීඩා රටාව වඩාත් ඉස්මතු වූ අතර දෙවැනි තරගයේදී පන්දු රැකීමද ඇතුළු සියලු අංශවල පසුබැසීම තරග පරාජයට හේතුවිය. මෙම තත්ත්වයද සමගින් අද තරගයේදී පූර්ණ තරගාවලි ජයක් අපේක්ෂාවෙන් පිටියට පිවිසෙන පාකිස්තාන කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ල වනු ඇත.

පාකිස්තාන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික විස්සයි විස්ස තරගාවලි ඉතිහාසයේදී තරග 2ක් හෝ වැඩි ගණනක් සහිත තරගාවලි 2කින් පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට පාකිස්තානය සමත්ව ඇති අතර අවසන් වරට 2017 වසරේදී 3-0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත් විය.

හඹායන කණ්ඩායමට වැඩි වාසි සහිත රාවල්පිණ්ඩි පිටියේ කාසියේ වාසිය තීරණාත්මක සාධකයක් වුවද, ශ්‍රී ලංකා කණ්ඩායම පෙර තරග ද්විත්වයේදීම කාසියේ වාසිය දිනා තරග පරාජය වීම කැපී පෙනෙන කරුණක් විය. කෙසේ වෙතත් හඹා ‍යාම හෝ පළමුව පන්දුවට පහරදීම යන ඕනෑම අවස්ථාවක, තවමත් ආරම්භක පිතිකරු යුගලය අත්හදා බලන ශ්‍රී ලංකා කණ්ඩායමට ඉහළ ලකුණු පුවරුවක් ගොඩනැගීම සඳහා ස්ථිර ආරම්භයක් ලබාගැනීම මෙන්ම සාර්ථක සබඳතා අත්‍යවශ්‍ය සාධකයක් වනු ඇත. රාත්‍රි තරගයක් ලෙසින් පැවැත්වෙන අද තරගය ද සුපුරුදු පරිදි සවස 6.30ට ඇරැඹීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img