Thursday, October 29, 2026
HomeNEWSශ්‍රේෂ්ඨාධිකරණය සතු කාර්යභාරය ඇමතිවරුන් ප්‍රකාශ කිරීම බරපතල තත්ත්වයක්- දිනන දකුණ

ශ්‍රේෂ්ඨාධිකරණය සතු කාර්යභාරය ඇමතිවරුන් ප්‍රකාශ කිරීම බරපතල තත්ත්වයක්- දිනන දකුණ

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වූ නිශ්චිත ක්‍රියාවලියක් සිදු වෙමින් පවතින මොහොතක ශ්‍රේෂ්ඨාධිකරණය සතු කාර්යභාරය රටේ අධිකරණ අමාත්‍යවරයා විසින් කල් ඇතිව ප්‍රකාශයට පත් කිරීම අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව බරපතළ ගැටලු සහගත තත්ත්වයක් මතුකරවන බව දිනන දකුණ සාමූහිකයේ විශ්වාසයයි.

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් පාර්ශවයන් රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කෙරෙමින් පවතින අවස්ථාවක මෙරට අධිකරණ අමාත්‍යවරයා මෙන්ම නීතිඥවරයකු වන හර්ෂණ නානායක්කාර මහතා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් “කොහොමත් ජනමත විචාරණයක් පැවැත්වෙන්නේ නැහැ” යනුවෙන් ප්‍රකාශ කිරීම දිනන දකුණ සාමූහිකය දැඩි ලෙස හෙලා දකින්නෙමු.

මේ පිළිබඳව වත්මන් රජයේ ස්ථාවරය කුමක්දැයි පැහැදිලිව රට හමුවේ ප්‍රකාශ කරන ලෙස අප ඉල්ලා සිටින්නෙමු.

ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාල පෙත්සම් විභාගයට ලක්කර තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට තිබියදී ඊට පෙර ආණ්ඩුවේ වගකිවයුතු කැබිනට් අමාත්‍යවරයෙකු මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම හරහා බලාපොරොත්තු වන්නේ ස්වාධීන අධිකරණයට යම් බලපෑමක් සිදු කිරීමට දැයි සාධාරණ සැකයක් මතුවනු ඇත.

මීට පෙර කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද මෙවැනිම ප්‍රකාශයක් සිදුකර ඇති බැවින් අධිකරණ ක්‍රියාවලියට බලපෑමක් එල්ල වන මෙවැනි ප්‍රකාශයන් සිදු නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.

දිනන දකුණ සාමූහිකය වෙනුවෙන් නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ප්‍රායෝගික බෞද්ධයන් ලෙස සෑම ආගමකම අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක සජිත්

ප්‍රායෝගික බෞද්ධයන් ලෙස අපි සෑම ආගමකම අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කුමන අවස්ථාවකදීවත් සමගි ජන බලවේගය ප්‍රතිපත්ති පාවා නොදෙන බවත්...

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img