22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වූ නිශ්චිත ක්‍රියාවලියක් සිදු වෙමින් පවතින මොහොතක ශ්‍රේෂ්ඨාධිකරණය සතු කාර්යභාරය රටේ අධිකරණ අමාත්‍යවරයා විසින් කල් ඇතිව ප්‍රකාශයට පත් කිරීම අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව බරපතළ ගැටලු සහගත තත්ත්වයක් මතුකරවන බව දිනන දකුණ සාමූහිකයේ විශ්වාසයයි.
22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් පාර්ශවයන් රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කෙරෙමින් පවතින අවස්ථාවක මෙරට අධිකරණ අමාත්‍යවරයා මෙන්ම නීතිඥවරයකු වන හර්ෂණ නානායක්කාර මහතා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් “කොහොමත් ජනමත විචාරණයක් පැවැත්වෙන්නේ නැහැ” යනුවෙන් ප්‍රකාශ කිරීම දිනන දකුණ සාමූහිකය දැඩි ලෙස හෙලා දකින්නෙමු.
මේ පිළිබඳව වත්මන් රජයේ ස්ථාවරය කුමක්දැයි පැහැදිලිව රට හමුවේ ප්‍රකාශ කරන ලෙස අප ඉල්ලා සිටින්නෙමු.
ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාල පෙත්සම් විභාගයට ලක්කර තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට තිබියදී ඊට පෙර ආණ්ඩුවේ වගකිවයුතු කැබිනට් අමාත්‍යවරයෙකු මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම හරහා බලාපොරොත්තු වන්නේ ස්වාධීන අධිකරණයට යම් බලපෑමක් සිදු කිරීමට දැයි සාධාරණ සැකයක් මතුවනු ඇත.
මීට පෙර කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද මෙවැනිම ප්‍රකාශයක් සිදුකර ඇති බැවින් අධිකරණ ක්‍රියාවලියට බලපෑමක් එල්ල වන මෙවැනි ප්‍රකාශයන් සිදු නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.
දිනන දකුණ සාමූහිකය වෙනුවෙන් නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව.






















