Saturday, October 24, 2026
HomeNEWSLatest Newsශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිවරයා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිවරයා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවෙයි


ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිවරයා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවෙයි

මෙරට කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් මහතා සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අද 2020.10.23 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙම හමුවේදී ශ්‍රී ලංකාව “ආරක්ෂිත රටක්” ලෙස පැවසූ කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් මහතා ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඉදිරිපත්වන්නැයි කොරියානු ආයෝජකයන්ට ආරාධනා කළේය.

දශක කිහිපයකට පෙර කොරියාව මෙරට විශාලතම ආයෝජකයෙකි. මේ වන විට කොරියානු සමාගම් 115 කට වැඩි ප්‍රමාණයක් රට තුළ ක්‍රියාත්මක වන අතර දෙරට අතර සමස්ත වෙළඳාම පසුගිය වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 327 ක් ඉක්මවිය. මෙම වෙළඳාම තවත් ඉහළ දැමීම සඳහා රටවල් දෙකම උනන්දුවෙයි.

පසුගිය මහ මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය පිළිබඳව මෙම හමුවේදීතානාපති ජියොන්ග් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සුබ පැතුම් එක් කළ අතර රජයට ලැබුණු ජනවරමට හේතු වූයේ විශ්වාසනීය බැඳීම බව සඳහන් කළේය.

කොවිඩ් – 19 වසංගතය පාලනය කිරීම පිළිබඳව රජයට ප්‍රශංසා කළතානාපති වුන්ජින් ජියොන්ග් මහතා, කොවිඩ්-19 අර්බුදයට සාර්ථකව මුහුණ දීම සඳහා කොරියානු රජය ශ්‍රී ලංකාවට නිරත්තර සහයෝගයලබා දෙන බව පැවසීය.

ශ්‍රී ලංකාව සහ කොරියාව අතර ඉදිරියේදී ද්විපාර්ශවීය සහයෝගීතාව වර්ධනයකරගත හැකි එෆ්.ඩී.අයි., අපනයන, සංචාරක සහ සංක්‍රමණික සේවකයන් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්විය.

කොරියානු අග්‍රාමාත්‍ය චුන්ග් සයි-කියුන් මැතිතුමා සමඟ කළ දුරකථන ඇමතුම සිහිපත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කොරියානු අග්‍රාමාත්‍යවරයාට ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස කළ ආරාධනය තානාපති වුන්ජින් ජියොන්ග් මහතා සමග නැවත සිහිපත් කළේය.

කොරියානු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණීමට උනන්දුවක් දක්වන බව සඳහන් කළ තානාපති ජියොන්ග් මහතා, “අපි සැමවිටම සමීප මිතුරන් වන්නෙමු.”යැයි මෙම හමුවේදී විශ්වාසය පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img