Wednesday, November 11, 2026
HomeNEWSශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනයට චීනයේ උපරිම සහාය

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනයට චීනයේ උපරිම සහාය

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගත තත්ත්වය මර්දනය කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම වෙනුවෙන් චින රජය ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කරන බව මෙරට චීන තානාපති සෙන් හොන්ග් මහතා පවසයි.

ඒ අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ප්‍රදානයන් සහ අවශ්‍ය සහය ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය ආමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ අද (09) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදි චීන තානාපතිවරයා සඳහන් කර ඇත.

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සියයට අසුවක් පමණ ආවරණය වන පරිදි එන්නත් තොග ලබාදීම ශ්‍රී ලංකා රජයට මහත් අස්වැසිල්ලක් වු බව එහිදි සෞඛ්‍ය අමාත්‍යවරිය පෙන්වාදී තිබේ.

දෙරට අතර දීර්ඝ කාලයක් පුරා පවතින සබඳතා තව තවත් ශක්තිමත් කරමින් චීන රජය ශ්‍රී ලංකාවට දැක්වු සහයෝගය පිළිබද කෘතඥතාව පළකරන බව පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img