Wednesday, September 2, 2026
HomeNEWSDevelopment - Economyශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධනය කිරීම සඳහා අර්ථවත් මැදිහත් වීමක් නව රජයෙන්...

ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධනය කිරීම සඳහා අර්ථවත් මැදිහත් වීමක් නව රජයෙන් අපේක්ෂා කරනවා – කොටස් වෙළෙඳපොළෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධනය කිරීම සඳහා අර්ථවත් මැදිහත් වීමක් නව රජයෙන් අපේක්ෂා කරනවා – කොටස් වෙළෙඳපොළෙන් නිවේදනයක්

මෑතකදී අවසන් වූ මහ මැතිවරණයේදී බහුතර ජනවරමක් ලබා සුවිශේෂී ජයග්‍රහණයක් ලැබීම සම්බන්ධව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් නව රජය වෙත කොළඹ කොටස් හුවමාරුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින්  සිය සුභාශිංසන පළ කරන ලදී.

ශ්‍රී ලාංකීය ජනතාව විසින් නව රජයට ලබා දී ඇති තීරණාත්මක සහයෝගය ගැන කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රසාදය පළකරන අතර නව පරිපාලනය විසින් ශක්තිමත්, සැලසුම් සහගත සමාජ-ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ස්ථාපිත කොට ශ්‍රී ලංකාවේ ශක්තිමත් ආයෝජන වාතාවරණයක් ගොඩනගනු ඇතැයි කොළඹ කොටස් හුවමාරුව සිය විශ්වාසය පළ කරයි. විශේෂයෙන්ම, ගැසට් කරන ලද නිශ්චිත වගකීම් යටතේ මුදල් අමාත්‍යාංශය තුළ රාජ්‍ය අමාත්‍යවරුන් යටතේ ප්‍රාග්ධන වෙළෙඳපොළවල් ඇතුළත් කිරීම පිළිබඳව කොළඹ කොටස් හුවමාරුව සිය සතුට ප්‍රකාශ කරන අතර ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළවල් සංවර් ධනය කිරීම සඳහා අර්ථවත් මැදිහත් වීමක්ද නව රජයෙන් අපේක්ෂා කරයි.

නව රජයට ලබා දී ඇති ජනවරම තුලින් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන වේගවත් හා තිරසාර සමාජ ආර්ථික සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ සක්‍රීය කිරීමට මෙය අනගි අවස්ථාවක් වනු ඇත.

වාණිජමය ව්‍යවසායන් සඳහා ප්‍රාග්ධනය එක්රැස්කර ගැනීමට සහ පුරවැසියන් සඳහා ධනය උත්පාදනය කිරීමට පහසුකම් සැලසීමේදී ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළඳපොළ වැදගත් කාර්යභාර්යයක් ඉටු කළ යුතු බව කොළඹ කොටස් හුවමාරුව තරයේ විශ්වාස කරන අතර අදාළ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ රජයේ සංවර්ධන දැක්මට සක්‍රියව සහාය දක්වන වෙනත් රාජ්‍ය ආයතන සහ වෙළඳපොළ අතරමැදියන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා (64) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.

ඉරානයට පහර දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නිසා, ඉරාන ඉලක්ක වෙත පහර දෙන බව අමෙරිකානු හමුදාව පවසයි. බන්ඩර් - අබ්බාස් හි නැගෙනහිරින් පිපිරීම් සිදු වූ බව ඉරාන...

අගෝස්තු මාසය තුළ පමණක් රස පරීක්ෂක වාර්තා 9081ක් නිකුත් කිරීමට පියවර ගත්තා-අධිකරණ ඇමති

මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයින්ට කිසිම සමාවක් දෙන්න සුදානම් නැහැ.පසුගිය අගෝස්තු මාසය තුළ පමණක් රස පරීක්ෂක වාර්තා නව දහස් අසු එකක් නිකුත් කිරීමට පියවර ගත්තා.අධිකරණ ඇමති...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img