Wednesday, September 23, 2026
HomeNEWSශ්‍රී ලංකා නියෝජනය ද සහිතව SPIEF 2021 ඇරඹෙයි !

ශ්‍රී ලංකා නියෝජනය ද සහිතව SPIEF 2021 ඇරඹෙයි !

ශ්‍රී ලංකා නියෝජනය ද සහිතව SPIEF 2021 ඇරඹෙයි !

24 වැනි ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සමුළුව (SPIEF’21) රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී පසුගිය 02 වැනිදා ඇරඹි අතර එයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් සහභාගී වී සිටිති.

රුසියානු ෆෙඩරේෂණයේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් මැතිතුමා සහ ලොව පුරා රටවල් 120ක පමණ ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම අන්තර්ජාතික ආර්ථික සමුළුවට අන්තර්ජාතික ආර්ථික සංවිධානවල  ප්‍රධානීහු, රුසියානු සහ වෙනත් රටවල රාජ්‍ය හා පෞද්ගලික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීහු ද ඇතුළු පිරිසක් ද ඇරයුම් ලැබ සිටිති.

ගෝලීය ආර්ථික න්‍යාය පත්‍රයේ ප්‍රධානතම කරුණු සාකච්ඡා කිරීමට හා ඒවාට ගෝලීය සහයෝගීතාවයෙන් ශක්‍ය විසඳුම් යෝජනා කිරීමට රාජ්‍යතාන්ත්‍රිකයන්ට අනගි අවස්ථාවක් නිර්මාණය කර දෙන ප්‍රමුඛතම ගෝලීය ආර්ථික වේදිකාව බවට මේ වන විට 1997 ඇරඹි ‘ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සමුළුව’ පත්ව ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

මෙම අන්තර්ජාතික ආර්ථික සමුළුවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා සමග රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් රංජිත් විමලසූරිය හා කර්මාන්ත අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද සහභාගි වෙති.
සමාරම්භක දිනයට අදාළ ඡායාරූප කිහිපයක් ද පහත පළවේ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
කර්මාන්ත අමාත්‍යාංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...

උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය...

ඇසුරුම් නොකළ පොල් තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර

දේශීය වෙළෙඳපොළේ ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ අනුකාරක සභාව හමුවේ...

වසරේ මුල් මාස 8ට අපනයන ආදායම ඩොලර් බිලියන 12 ඉක්මවයි

2026 වසරේ පළමු මාස අට තුළ මෙරට අපනයන අංශය අමෙරිකානු ඩොලර් බිලියන 12 ක සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img