Wednesday, July 29, 2026
HomeNEWSසංචරණ සීමා පැනවීම අත්‍යවශ්‍ය බව GMOA කියයි

සංචරණ සීමා පැනවීම අත්‍යවශ්‍ය බව GMOA කියයි

පැතිරයන කොවිඩ් -19 වෛරසය පාලනය කිරීම සඳහා යම් හෝ සංචරණ සීමාවක් පැනවීම අත්‍යාවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.

වැඩිදුරටත් ඔහු පැවසුවේ කොවිඩ්-19 වෛරසය කිසිදු පක්ෂයක් විසින් දේශපාලනීකරණය නොකළ යුතු බවය.

එහිදී අදහස් දැක්වු වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසුවේ, 

“රජය ගතයුතු වැඩපිළිවෙළ අතර සංචරණ සීමා කිරීමේ යම්කිසි වැඩපිළිවෙලක් අවශ්‍ය කර තිබෙන බව අපි දකිනවා. ඒ සංචරණ සීමා නීති හරහා සිදුකරනවා. ජනතාවටත් ආකල්ප වශයෙන් වෙනසක් කරගත යුතු වෙනවා. මේ ආකල්පවල වෙසක් සිදුනොවුනොත් මේ කෙතරම් නීති දැම්මත් අපට ගෝලීය වසංගතයක් පාලනය කිරීම සීමා සහිත වෙනවා. මේ මොහොත වනවිට පවතින රෝගී තත්ත්වය කළමනාකරණය කරගත හැකිව තිබෙනවා. හැබැයි මේ ඉදිරි දිනවලද‍ීත් සංචරණ සීමාවලින් එහාට ගිහිල්ලා විශේෂයෙන්ම ජනතාව තමන් හිතලා වගේම අනිත් පැත්තෙන් රජය හැටියට යම් ආකාරයක සංචරණ නියාමන පැනවීම තුළ, හැයාවක් ලැබෙනවා මේ රෝගය පැතිර යෑම වළක්වන්න. බොහොමයක් තැන්වල අපි දකිනවා දේශපාලන කොණයකින් දකින ආකාරයක් ගැන. විවිධ අය තමන්ට වාසිදායක වෙන ආකාරයට. ඒ කියන්නේ රෝග පාලනයවීමේ වාසිය එක් පිරිසක් ගන්න උත්සහ කරනවා. පාලනය නොවීමේ තත්ත්වය තව පිරිසක් දේශපාලනීය වාසි කරගන්න හදනවා. පක්ෂ විපක්ෂ වලට අපි ඉල්ලීමක් කරනවා මේක සෞඛ්‍ය අංශවලට ඔවුන්ගේ තීරණ මත කරගෙන යාමට ඉඩ දෙන්න.” යනුවෙනි.

මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ මෙහෙයුම් දැඩි කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජපානයේ ප්‍රභල භූ කම්පනයක්..පිරිසක් සිරවෙති

නිරතදිග ජපානයේ හටගත් ප්‍රභල භූ කම්පනයකින් ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී ඇති අතර කඩා වැටුනු සාප්පු සංකීර්ණයක කොටසක පිරිසක් සිරවී සිටින බවට වාර්තා වේ. භූ කම්පනයෙන්...

ඇමති විජිත පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණයක

අමාත්‍ය විජිත හේරත් පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණය කරයි.Tagoloan නගරාධිපතිනියගෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විශේෂ ස්තූතියක්​පිලිපීනයේ 'PHIVIDEC කාර්මික භූමිය' (PHIVIDEC Industrial Estate) හි ස්ථාපිත...

චමින්ද විජේසිරි රටක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී නොබියව හඬක් නැගුවා-විපක්ෂ නායක සජිත්

චමින්ද විජේසිරි මහතා සම්බන්ධයෙන් ඉදිරි නීති ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නඩු තීන්දුවෙන් පසුව පැවසීය.එම නඩු තීන්දුවෙන් පසු බදුල්ල මහාධිකරණයෙන් පිටතට...

ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ ග්‍රහණයට නතුකර ගැනීමට කටයුතු කරන බවට ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (28) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ඒ කාලයේ පවා බ්‍රිතාන්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img