Tuesday, September 22, 2026
HomeNEWSසංචරණ සීමා මගහැර කොළඹට ඇතුළුවන වාහන පාලනයට නව ක්‍රමවේදයක්

සංචරණ සීමා මගහැර කොළඹට ඇතුළුවන වාහන පාලනයට නව ක්‍රමවේදයක්

සංචරණ සීමා පනවා තිබියදීත් කොළඹට රථවාහන විශාල සංඛ්‍යාවක් පැමිණීම පාලනය කිරීම සහ එම රථවාහන විධිමත්ව පරික්ෂාවට ලක්කිරීම සඳහා පොලිසිය අද (02) නව ක්‍රමවේදයක් ආරම්භ කරනු ලැබීය.

ඒ අනුව කොළඹට අතුළුවන ප්‍රධාන පිවිසුම් ස්ථාන 56 කදි අද පෙරවරු 6.30 සිට රථවාහන වෙන්කර දැඩි පරික්ෂාවකට ලක්කිරීම සිදුකළ අතර පරික්ෂාවට ලක්කෙරුණු රථවාහන හඳුනාගැනීමට ස්ටිකරයක් ඇලවීමද සිදුකළේය.

කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා ඉකුත් මැයි මස 29 වන සෙනසුරාදා දැඩි කරනු ලැබීය.

එසේ සංචරණ සීමා දැඩි කරනු ලැබුවද ගෙවී ගිය දින දෙක තුළ කොළඹට පැමිණෙන රථවාහනවල විශාල වශයෙන් වැඩිවීමක් දක්නට ලැබුණු අතර ඒ හේතුවෙන් දැඩි මාර්ග තදබදයක් ඇතිවිය.

පොලිසිය සඳහන් කළේ අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදී ඇති අවසරය අවභාවිත කරමින් බොහෝ පිරිසක් සංචරණ සීමා කඩකරමින් කොළඹට ඇතුළුවීම මෙම මාර්ග තදබදයට හේතුවූ බවය.

මෙම නව ක්‍රමවේදයට අනුව රථවාහන පරික්ෂාවට ලක්කිරීම හේතුවෙන් කොළඹට ඇතුළුවන ස්ථානවල අද පෙරවරුවේ සිටම දක්නට ලැබුණේ දැඩි 
මාර්ග තදබදයකි.

මේ අතර, ගතවු පැය 24 තුළ සංචරණ සීමා සහ නිරෝධායන රීතින් කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1,038 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විවේචනාත්මක රුසියානු මහමැතිවරණයෙන් පුටින්ට ඉහළ ජයක්

2022 වසරේ යුක්‍රේනය වෙත එල්ල කළ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් පසුව රුසියාවේ පැවැත්වුණු පළමු පාර්ලිමේන්තු මැතිවරණය 2026 සැප්තැම්බර් 18 සිට 20 දක්වා දින තුනක් පුරා...

ඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක්...

වෙඩි තබා, වීදුරු කඩා හෙරොයින් සමග තිදෙනෙකු ඇල්ලූ මෙහෙයුම

හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයක් සමග ගිරිඋල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අරුණ වෙබ් අඩවිය ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදුකළ...

ස්වාධීනව සිතන, නිර්භීත තරුණ පරපුරක් මේ රටේ අනාගතය ගොඩ නඟයි – දිලිත් ජයවීර

ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර පසුගියදා එහි පැවැති “Young Diplomats Model united nations...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img